සැබෑ ආදරය තවමත් ඇති බව සනාත කරන හොලිවුඩ් කපල්

අපි හැමෝම මිනිස්සු. ආදරය හා අවධානය ලබා ගන්න ඕනම කෙනෙක් කැමතියි. ඒත් සැබෑ ආදරය හොයාගන්න එක එතරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. මේක ප්‍රසිද්ධ පුද්ගලයන්ට නම් අපටත් වඩා ලොකු අභියෝගයක්. ප්‍රසිද්ධ වුණාට එයාලත් සාමාන්‍ය මිනිස්සු. ආදරේ කියන හැඟීම එයාලටත් දැනෙනවා. සාර්ථක පවුල් ජීවිත ගත කරන ප්‍රසිද්ධ චරිත ඕනතරම් ඉන්නවා.

අද අපි ඔයාට කියන්න යන්නේ අඩු නැතුව ආදරේ කරන ගමන්ම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන හොලිවුඩයේ සුපිරි තරු යුවළ 15 ක් ගැන විස්තරයි.

01. රොබට් ඩව්නි සහ සුසෑන් ඩව්නි

සුසෑන් කියන්නෙ හරිම ආකර්ෂණීය, ලස්සන හිනාවක් තියන කාන්තාවක්. ඇය ඇත්තටම රොබට් ඩව්නිගේ සැබෑ ජීවිත සහකාරියයි. රොබට් ඩව්නි තමන්ගෙ බිරිඳට වඳිනවාලු. ඔහු කියන්නෙ මත්පැන් පානයෙන් මිදීමට ඔහුට උදව් කළේ ඇය කියලයි.

02. ජෝර්ජ් ක්ලූනි සහ අමල් අලමුදීන් ක්ලූනි

ලොව පුරා මිලියන ගණනක් කාන්තාවන් ජෝර්ජ් ක්ලූනිව විවාහ කරගන්න හීන මැව්වා. ඒත් ඔහු තෝරගත්තේ දක්ෂ නීතිඥයෙකු හා රූමත් කාන්තාවක් වන අමල් අලමුද්දීන්වයි. ඔවුන් ප්‍රසිද්ධියේ දකින හැම අවස්ථාවකම, දෙදෙනා ගොඩක් සතුටින් ඉන්න බව අපි දැකලා තියනවා.

03. චැනින් ටැටුම් සහ ජෙනා දේවාන් ටැටුම්

මේ දෙදෙනා හමුවුණේ මීට වසර දහයකට කලින් ‘ස්ටෙප් අප්’ චිත්‍රපට මාලාවේදීයි. අදටත් වෙන් කරන්න බැරි අපූරු ජෝඩුවක්. මේ දෙන්නා තමන්ගේ කුඩා දියණියට හොඩක් ආදරෙයි. එයාලා ගොඩක් වෙලාවට තමන්ගේ පවුලේ එඩිට් නොකළ පින්තූර පළ කරනවා.

04. ජස්ටින් ටිම්බර්ක් සහ ජෙසිකා බීල්

අවුරුදු නවයක් ආදරය කරපු මේ දෙන්නා දැන් විවාහ වෙලා අවුරුදු හතරක් වුණත් තවමත් එකට සතුටින් ඉන්නවා. ඒ වගේම එයාලට ලස්සන පොඩි පුත්කුත් ඉන්නවා. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන එයාලගේ රහස තමයි අනිත් අය තමන් ගැන කියන දේවල්වලට අවධානය යොමු නොකිරීම.

05. බෙනඩික්ට් කම්බර්බැච් සහ සොෆී හන්ටර්

බෙනඩික්ට් කම්බර්බැච්, 21 වන සියවසේ ෂර්ලොක් හෝම්ස් කියලා හඳුන්වනවා. ඔහු හා ඔහුගේ බිරිඳ සොෆී එකිනෙකාට ගොඩක් ආදරය කරන යුවළක්. බෙනඩික්ට් තම බිරිඳව රැජිනකට වගේ සලකනවා. ඇය ඔහු පහත් වූ විට ඔහුව සනසනවා. ආදරෙන් ඉන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි කියලා මේ දෙන්නා පෙන්නලා දෙනවා.

06. බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලි

බ්‍රැන්ජලිනා ගැන අහලා නැති කෙනෙක් මේ ලෝකයේ නෑ. දරුවන් හය දෙනෙක් සමග ශක්තිමත් ආදරණීය පවුලක් නිර්මාණය කරගන්න මෙම සුපිරි තරු දෙදෙනා සමත් වෙලා තියනවා.

07. ක්‍රිස් හෙම්ස්වර්ත් සහ එල්සා පටකි

මාර්වල් යුනිවර්ස් හි බලසම්පන්න තෝර්ගේ හදවත දිනාගන්න ආකර්ෂණීය කාන්තාවක් වන එල්සා පටකි සමත් වුණා. ක්‍රිස්, එල්සාට වඩා අවුරුදු හතක් බාල වුණත් එයාලගෙ ආදරයට වයස ප්‍රශ්නයක් වුණේ නෑ. සතුටින් ජීවත් වන මේ යුවළට දැනටමත් දරුවන් තුන්දෙනෙක් ඉන්නවා.

08. ඉයන් සොමර්හෝල්ඩර් සහ නිකී රීඩ්

ඉයන් සොමර්හෝල්ඩර් සහ නිකී රීඩ් කියන දෙන්නම වැම්පයර්වරු විදියට රඟපාලා තියනවා. සමහර විට එයාලා එකිනෙකා වෙතට ආකර්ෂණය වුණේ වැම්පයර්ලාගේ හාස්කමක් නිසා වෙන්න බැරිද?

09. ජේවියර් බාර්ඩම් සහ පෙන්ලෝප් කෲස්

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ස්පාඥ්ඥ යුවළක් තමයි මේ. එයාලා හමුවුණේ 1992 දී! ඒත් විවාහ වුණේ එයින් වසර 18 කට පසුව, ඒ කියන්නෙ 2010 දී. දැන් එයාලට දරුවන් දෙදෙනෙක් ඉන්නවා.

10. බෙන්ජමින් මිලෙපීඩ් සහ නැටලි පෝට්මන්

සතුටින් ජීවත් වන තවත් හොලිවුඩ් යුවළක් තමයි බෙන්ජමින් හා නැටලි කියන්නෙ. මේ වෙන්නට පුතෙක් ඉන්නවා. පුතා ලැබුණට පස්සේ එයාලගෙ සම්බන්ධතාවය තවත් ශක්තිමත් වෙලා තියනවා.

11. මැතිව් මැකෝනාගී සහ කැමිලා ඇල්වස්

දැකපු ගමන් ආදරේ හිතිලා ආදරය කරපු දෙන්නෙක් තමයි මේ. එක්කෙනෙක් ප්‍රසිද්ධ නළුවෙක්. අනෙකා බ්‍රසීලියානු නිරූපිකාවක්. අද වෙනකොට එයාලට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. මැතිව් කියන්නෙ එයා තාමත් එයාගෙ බිරිඳට පිස්සු වැටිලා ඉන්නෙ කියලයි. ඒ වගේම කැමිලා තමන්ගෙ සැමියාට හැමවිටම සහයෝගය දක්වන්න බලාගෙන ඉන්නවා.

12. ඩැනියෙල් ක්‍රේග් සහ රේචල් වයිස්

අන්තිමට, බොන්ඩ්ගේ සිත් ඇදගන්නාසුළු සිනහව හා නිල් පාට ඇස් දෙකට එක කාන්තාවකගේ හිත ඇදුණා. ඒ තමයි දක්ෂ රංගන ශිල්පිමියක් වන රේචල් වයිස්. අවුරුදු දොළහක පෙම් සබඳතාවකින් හා විවාහයෙන් වසර පහකට පසුවත් එයාලා තාමත් හැසිරෙන්නේ ලඟදී විවාහ වුණු ජෝඩුවක් විදියටයි.

13. ජොෂ් ඩුහාමෙල් සහ ෆර්ගී ඩුහාමෙල්

ඇය ප්‍රසංගවල ඉදිරිපත් කිරීම් කරන අතර ඔහු චිත්‍රපටවල රඟපානවා. ඒත් එයාලා කොහොමහරි තමන්ගේ පවුලට කාලය වෙන් කරගන්නවා. ඒ වගේම තාමත් ආදරෙන් ඉන්නවා.

14. ආදරයේ මායාව කියන්නෙ මේකට වෙන්න පුලුවන්.

හොලිවුඩයේ වඩාත්ම සිත් ඇදගන්නා ජෝඩු වලින් එකක් තමයි විල් ස්මිත් සහ ජාඩා පින්කෙට් කියන්නෙ. එයාලා විවාහ වෙලා වසර 18 ක් වන අතර දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒත් තවමත් ඔහු ජාඩාට “මගේ රැජින” කියලයි කියන්නෙ. ප්‍රසිද්ධියේ තමන්ගෙ හැඟීම් පෙන්වන්නත් ඔහු ලැජ්ජා වෙන්නේ නෑ

15. කීත් අර්බන් සහ නිකොල් කිඩ්මන්

අපේ කැමතිම හොලිවුඩ් යුවළක් තමයි මේ. පවුල් ජීවිතයත් හරියට සංවිධානය කරගෙන තවමත් ආදරෙන් ඉන්න යුවළක්. කීත් සහ නිකොල් දෙදෙනා මුලින්ම මුණගැහෙනකොට දෙදෙනාම තනිවෙලයි හිටියේ. ඒත් දෙන්නම එකතු වෙලා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් වැළකුණා. අද, නිකොල් සතුටින් ඉන්න මවක් වන අතර කීත් තමන්ගෙ බිරිඳට මුළු හදවතින්ම ආදරය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *