සමාජ මාධ්‍යවල ට්‍රෙන්ඩ් එකක් බවට පත්වුණු අමුතු ඡායාරූප 10 ක්

කාලෙන් කාලෙට සමාජ මාධ්‍යවල එක එක විදියේ අලුත් ට්‍රෙන්ඩ් ඇතිවෙනවා. මිමිසුන් සාමාන්‍ය විදියට තමන්ගෙ ෆොටෝ ගන්නවාට වඩා මේ විදියේ ට්‍රෙන්ඩ් එකක් අත්හදා බලලා ෆොටෝ එකක් ගන්න වැඩි කැමැත්තක් දක්වනවා.

අද අපි ඔයාට පෙන්වන්න යන්නෙ සමාජ මාධ්‍ය තුළ ගොඩක් ජනප්‍රිය වුණු අමුතුම අමුතු ෆොටෝ ට්‍රෙන්ඩ් 10 ක පින්තූර කිහිපයක්.

10. තැනට ගැලපෙන ඇඳුම

මිනිස්සු තමන් අඳින ඇඳුම් වලට හොඳින් ගැලපෙන තැන් හොයාගන්න උත්සාහ කරනවා. නැත්නම් එයාලා යන තැනට ගැලපෙන ඇඳුම් අඳින්න උත්සාහ කරනවා. මේක ඇත්තටම ලස්සන දෙයක්. ඔවුන් ඒවා #whenpeoplematchplaces ටැග් එකෙන් සමාජ මාධ්‍යවල පළ කරනවා.

09. වැඩිදියුණු කළ සපත්තු

මිනිසුන් #heelconcept ටැග් එක යටතේ මේ වගේ වැඩිදියුණු කළ සපත්තු වල ඡායාරූප පළකරනවා. මිස්ටි පොලන් කියන කලාකරුවා පටන් ගත්ත මේ අමුතු විලාසිතාව ඉන්ස්ටග්‍රෑම් පුරාම ගොඩක් ජනප්‍රිය වුණා.

08. මේකප්වල බලය

අපි හැමෝම මේකප් කිරීමට පෙර හා පසු ඡායාරූප දැකලා තියනවා. ඒත් දැන් ගැහැණු ළමයි අලුත් දෙයක් ඉදිරිපත් කරලා තියනවා. මේකප් කිරීමට පෙර හා පසු වෙනස හොඳින් පෙන්වීමට එයාලා මුහුණේ අඩක් මත මේකප් කරනවා. මේ ඡායාරූප #thepowerofmakeup ටැග් එක යටතේ පළ කරනවා.

07. “ෂෙල්ෆි”

රාක්කයක් කියන්නෙ දළ වශයෙන් කිව්වොත්, ඇත්තටම ඔයාට ගොඩක් දේවල් තියාගන්න පුලුවන් තැනක්. ඒ වගේ ඡායාරූපයකට ඔයාගෙ විනෝදාංශ ලොවට පෙන්වන්න වගේම ඔයාගෙ පෞරුෂය විස්තර කරන්න පුලුවන්. ඇත්තටම මේක සිත්ගන්නාසුලු ට්‍රෙන්ඩ් එකක්. එහෙම නේද?

06. අවංක අඟහරුවාදා

Totalhonestyt Tuesday ටැග් කර ඇති ඡායාරූප ඇත්තටම ලස්සන ඒවා නෙවෙයි. ඒත් ඒවායෙන් ඇත්ත ජීවිතය පෙන්නුම් කරනවා.

මිනිසුන් එයාලගෙ පිළිස්සූ ටෝස්ට්, අත්කම් වගේ දේවලුත් මේ යටතේ පළ කරනවා. අපේ ජීවිතය සාමාන්‍ය ඉන්ස්ටග්‍රෑම් ඡායාරූප වගේ නෙවෙයි කියලා එමගින් අපිට මතක් කරලා දෙනවා.

05. දික්කසාද සෙල්ෆි

Divorceselfie ට්‍රෙන්ඩ් එක පටන් ගත්ත අයට දුක හිතෙන වෙලාවක වුණත් හිනා යන දෙයක් කරන්න පුලුවන්. මේකට හොඳම උදාහරණයක් තමයි දික්කසාදය කියන්නෙ. එයාලා මේ සෙල්ෆි ගන්නේ උසාවියේදී. අඩුම තරමේ එතනදිවත් එයාලා සතුටින් ඉන්න බව පේනවා.

04. බල්ලා සමග ව්‍යායාම

මේ ට්‍රෙන්ඩ් එක නිසා මිනිසුන් බාබෙල් වෙනුවට බල්ලෙක් භාවිතා කරනවා. ඔයත් ඔයාගෙ බල්ලත් එක්ක ස්කොට්ස් කරනවා නම් ඔයාගෙ ඡායාරූපය #squatyourdog එකට ටැග් කරන්න අමතක කරන්න එපා.

03. දිලිසෙන රැවුල

හිසකෙස්, තොල්, ඇස් යට හා ඉහළින් දිලිසෙන ආලේපන දැමීම ඔයා දැකලා ඇති. ඒත් ඒ වගේ ලස්සන පෙනුමක් ලබා ගන්න කැමති ගැහැනු ළමයින් විතරක් නෙවෙයි. පිරිමින් #glitterbeard කියන හැෂ් ටැග් එක මගින් එයාලගෙ දිලිසෙන රැවුල සමාජ මාධ්‍යවලට එකතු කරලා තියනවා.

02. විවේක කිමිදීම

#leisuredive ට්‍රෙන්ඩ් එක කළේ හාවඩ් උපාධිධාරියෙක් විසින්. මෙහිදී කරන්න තියෙන්නෙ සන්සුන් ඉරියව්වකින් කිමිදෙන අතරේ ඡායාරූප ශිල්පියෙක් විසින් ලස්සනම අවස්ථාවක් කැමරාවට හසුකර ගැනීමයි.

01. මේකප් වලින් සිදුවන වෙනස

#Makeuptransformation ටැග් එක මඟින් මේකප් කරපු ගැහැණු ළමයින් විතරක් නෙවෙයි, මේ ට්‍රෙන්ඩ් එක අත්හදා බලපු පිරිමි ළමයින්ව හොයාගන්නත් පුලුවන්. එයාලා ඒ තරම් නිර්මාණශීලීයි! එයාලට ඕනෑවට වඩා නිදහස් වෙලාවක් තියනවද? සමහර විට එයාලට කොච්චර වයසට ගියත් විනෝද වෙන්න ඕන නිසා එහෙම කරනවා වෙන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *