සංචාරකයින්ට එකපාරින්ම එපා වුණ සංචාරක ස්ථාන 10 ක්

අවාසනාවට, සමහර ජනප්‍රිය සංචාරක ස්ථාන අපි දකින පින්තූරවල තියන තරම් ම සුන්දර නෑ. සමහර විට, එමගින් ඔයාගෙ මුළු ගමනම විනාශ කරලා දාන්නත් පුලුවන්. ඒ නිසා සංචාරය කරන්න කලින් ඒ ත්ණ් ගැන හොඳ අවබෝධයක් ලබාගන්න එක ගොඩක් වැදගත්.

සංචාරකයින්ගේ බලාපොරොත්තු සුන් කරවන ස්ථාන 10 ක ගැනයි අද අපි ඔයාට කියලා දෙන්නෙ.

01. ජුලියට්ගේ ප්‍රතිමාව – ඉතාලියේ වෙරෝනා

පුරාවෘත්තවලට අනුව, ජුලියට්ගේ අත හෝ දකුණු පියයුරු ස්පර්ශ කිරීමෙන් සැබෑ ආදරය සොයා ගැනීමේ වාසනාව ලැබෙන බව කියනවා. ඒත් මේ පිළිමය බලන්න එන සංචාරකයින් ප්‍රමාණය ගොඩාක් වැඩියි. ඒ නිසා මේ ආදරණීය ස්ථානයට යන එක ඔයාට එපා වෙන්න පුලුවන්. ඒ වගේම මේ ප්‍රතිමාවේ පියයුරු හා මැණික් කටුවට ගොඩක් හානි වෙන්නෙ සංචාරකයන් දහස් ගණනක් ඇල්ලීම නිසයි

02. කුඩා දියකිඳුරිය – ඩෙන්මාර්කයේ කෝපන්හේගන්

ඩෙන්මාර්කයේ කතුවරයකු වන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ “ද ලිට්ල් මර්මේඩ්” කතාවෙන් ලිට්ල් මෙරමාඩ් පිහිටා තිබුණේ කෝපන්හේගන් වරායේ පර්වතයක් මතයි. අද වෙනකොට මේ ප්‍රතිමාව බලන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. සංචාරකයන්ගේ විනාශකාරී ක්‍රියාවන් නිසා හා සංචාරකයින් පිළිමය මතට නැගීම වැළැක්වීමට 2007 දී කෝපන්හේගන් වරාය නිලධාරීන් මේ ප්‍රතිමාව වරායට ගෙනියන්න තීරණය කලා.

ඒ වගේම මේක බලන්න එන සංචාරකයන්ව වැඩියෙන්ම පුදුමයට පත් කරන දේ තමයි මේ පිළිමයේ උස. තේජාන්විත ප්‍රතිමාවක් බලන්න ආවත් ඇත්තටම දකින්න තියෙන්නෙ මීටර් 1.25 (අඩි 4.1) ක් විතර උස දියකිඳුරියකගේ පිළිමයක් විතරයි.

03. බීට්ල්ස් කතාව – එංගලන්තයේ ලිවර්පූල්

බීට්ල්ස් කියන ජනප්‍රිය සංගීත කණ්ඩායමේ රසිකයන් නම් මේ ප්‍රදර්ශනයට එතරම් කැමති වෙන එකක් නෑ. මොකද එයාලගෙ කැමතිම සංගීතඥයන් ගැන අලුත් දෙයක් මෙතනදි හොයාගන්න ලැබෙන්නෙ නෑ.

මෙහිදී දකින්න ලැබෙන්නෙ සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට අයත් ප්‍රදර්ශන භාණ්ඩ හා උපකරණ කිහිපයක් විතරයි. මීට අමතරව, කෞතුකාගාරයේ තියන හැම දෙයක්ම දැනටමත් ජනතාව හොඳින්ම දන්නවා. ඇත්තටම මේ කෞතුකාගාරය බලන්න වටින තරමේ විශිෂ්ට එකක් නෙවෙයි. ටිකට් එකක් £ 15 ක්, ඒ කියන්නෙ දළ වශයෙන් $ 20 ක් වෙනවා.

04. ලා ස්කාලා – ඉතාලියේ මිලාන්

ලෝක ප්‍රසිද්ධ ඔපෙරා හවුස් එක හොයාගන්න නගරයේ ඇවිදින අය මේක මඟ හරින්නෙ නෑ. තට්ටු 3 කින් යුත් මේ මන්දිරය ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයයෙන් හැඩ වෙලා තියනවා.

කොහොම වුණත්, වඩාත්ම වැදගත් දේ තමයි ඉතාලි ඔපෙරා වල ගුණාත්මකභාවය ගොඩාක් විශිෂ්ටයි. ඒත් මෙතනින් ටිකට් එකක් මිලදී ගන්න එක නම් හිතන තරම් ලේසි නෑ. රංග ශාලාවේ බොක්ස් ඔෆිස් හි විතරක් නෙවෙයි, අන්තර්ජාලය තුළත් මෙයට ටිකට් ලබාගන්න පුලුවන් වුණත්, ටිකට් විකුණන්න පටන් අරගෙන පැය කිහිපයක් යද්දිම ශාලාවේ ලාභම ආසනවල ටිකට් විකිණිලා ඉවර වෙනවා.

05. ජර්මනියේ බර්ලින් ටීවී කුළුණ

බර්ලිනයේ උසම ගොඩනැගිල්ල බලන්න ඩොලර් 16.50 ක් ගෙවලා පැය දෙකක් විතර පෝලිමේ හිටියට සංචාරකයන් බලාපොරොත්තු වෙන තරම් දෙයක් මෙතන නෑ.

අපිරිසිදු ජනේල, සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණීම හා මිල අධික රූපවාහිනී කුළුණක් තිබීම වගේ හේතු නිසා සංචාරකයින්ට මෙතන එපා වෙලා තියෙන්නෙ.

06. ටෙම්පල් බාර් – අයර්ලන්තයේ ඩබ්ලින්

ඩබ්ලින් වලට එන හැමෝම බලන්න ඕන තැනක් විදියට මේ ටෙම්පල් බාර් එක සැලකෙනවා. හවස් වරුවේ, හැම විටම මෙතන දිගම දිග පෝලිමක් තියන නිසා ඔයාට ඒකට ඇතුල් වෙන්න නම් ගොඩාක් වෙලා බලන් ඉන්න වෙනවා.

බාර් එක ගොඩාක් කාර්යබහුල සහ මිනිසුන්ගෙන් පිරී ඇති තැනක් නිසා සේවකයින්ට මේස පිරිසිදු කිරීම සහ ඇණවුම් ලබා ගැනීම යන්තම් කළමනාකරණය කරගන්න පුලුවන් වෙලා තියනවා. ඒත් මේ තැන ප්‍රදේශවාසීන් අතරවත් ජනප්‍රිය නෑ.

07. පිකාසෝ කෞතුකාගාරය – ප්‍රංශයේ ඇන්ටිබෙස්

කෝට් ඩි අසුර් හි හොඳ නිවාඩුවක් ගත කරලා ලෝක ප්‍රකට ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පියෙක් වන පැබ්ලෝ පිකාසෝගේ චිත්‍ර බලන්න යන්න තීරණය කළොත්, ඔයාට අනිවාරෙන්ම පැයක් හෝ ඊට වැඩි කාලයක් පැරණි නගරයේ තියන ඔහුගේ කෞතුකාගාරයේ ගත කරන්න පුලුවන්. ඒත් විශේෂයෙන්ම මේ කෞතුකාගාරය බලන්න යන එක නම් තේරුමක් නැති දෙයක්.

කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට, ප්‍රධාන වශයෙන් ම කලාකරුවාගේ රූප සටහන් හා පිඟන් මැටි තහඩු එකතු කරලා තියනවා.

සමහර විට කෞතුකාගාරය පිකාසෝගේ නිර්මාණ ගැන පර්යේෂණ කරන අයට නම් වඩාත් සිත්ගන්නාසුළු වේවි. ඒත් මේ විශේෂිත එකතුව දැක්කම කලාකරුවාගේ දක්ෂතා ගැන ඔයා කලකිරීමට පත් වෙන්නත් ඉඩ ‍තියනවා.

08. ඉන්දුනීසියාව, ඉන්දියාව හා තායිලන්තයේ වෙරළ තීරයන්

තායිලන්තයේ, ඉන්දුනීසියාවේ හා ඉන්දියාවේ රන්වන් වැලි තියන වෙරළවල්වල නිවාඩු ගත කරන මිනිසුන් සාමාන්‍යයෙන් තමන්ගේ හෝටල් ප්‍රදේශයෙන් ඉවත් වෙන්නෙ නෑ. එයාලා ප්‍රධාන වශයෙන්ම සංචාරක ආකර්ෂණීය තැන් බලන්න කැමතියි.

ප්‍රධාන වශයෙන් නිවැසියන් පාවිච්චි කරන ඇසුරුම් ඉවත දැමීම හා සතුන් විසින් අපිරිසිදු කිරීම නිසා මේ වෙරළ තීරයන් ගොඩක් අපිරිසිදු වෙලා තියනවා. සංචාරකයින් විතරක් නෙවෙයි, ප්‍රදේශවාසීන් පවා මේ මුහුදු වෙරළ දූෂණය කිරීම තමයි කණගාටුදායකම දේ.

09. උබුද් වී කුඹුරු – බාලි
© dedron / Depositphotos© Imaginechina-Editorial / Depositphotos

පියවරෙන් පියවර සහල් වගා කරන කුඹුරු කියන්නෙත් සංචාරකයින් අතර ගොඩාක් ජනප්‍රිය තැනක්. මෙතනට ඇතුල්වීමට රුපියා 10,000 ක්, ඒ කියන්නෙ ඩොලර් එකක් විතර ගෙවන්න ඕන. ඒ වගේම පින්තූර ගැනීමට රුපියා 20,000ක් හෙවත් ඩොලර් එකහමාරක් ගෙවන්න වෙනවා. ඔන්චිල්ලාවක යන්න ඩොලර් 7 ක විතර මුදලක් ගෙවන්නත් සංචාරකයන්ට සිදු වෙනවා.

මීට අමතරව, ඔන්චිල්ලා හදලා තියෙන්නෙ ගොඩක් පහත් මට්ටමකින්. ඒ නිසා සංචාරකයින් විශාල ප්‍රමාණයක් ඉන්නකොට පටු මාර්ග වල ගමන් කරන්න අමාරුයි.

10. බ්‍රසල්ස් – බෙල්ජියම

මේ මෙම නගරයේ වාසි වලට වඩා අවාසි තියනවා. බ්‍රසල්ස්හි ගෘහ නිර්මාණ ශිල්පය අඩුම තරමේ යුරෝපයේ අගනගර දෙකකටවත් ගිහින් තියන සංචාරකයෙකුට පුදුම වෙන්න තරම් දෙයක් නෙවෙයි.

වීදිවල තියන කුණු කසළ හා මුත්‍රා ගැන ගොඩක් අය දොස් කියනවා. ඇත්තම කිව්වොත්, සමස්තයක් වශයෙන් යම් ආකර්ෂණයක්, නගරයක් හෝ රටක් පිළිබඳ හැඟීම ගොඩක් වැදගත් දෙයක්. ඔයත් එක්ක සංචාරය කරන අය හා ඔයාගෙ කැමැත්ත මත මේ හැඟීම් වෙනස් වෙන්න පුලුවන්.

සමහර විට ලිට්ල් මේරයිඩ් වලට ඔයා අකමැති වෙලා පිකාසෝ කෞතුකාගාරයට කැමති වෙන්නත් පුලුවන්. මොකද ඔයා ඇත්තටම පිකාසෝගේ කලාවට ආදරය කරනවා නම් ඔයාට ඒ කෞතුකාගාරය බලන එක ගොඩාක් වැදගත් දෙයක්.

කොහොම වුණත් මේ ස්ථාන නරඹන්න යන්න සැලසුම් කරන්න කලින් ඔයාට මේ ගැන වඩාත් හොඳ දැනුමක් ලබා ගන්න මේ ලිපිය උදව් වෙන්න ඇති කියලා අපි හිතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *