වාහන පදින අයට සල්ලි ඉතුරු කරගන්න සුපිරි ක්‍රම ටිකක්

අද වෙනකොට ගොඩක් අයට තමන්ටම කියලා වාහනයක් තියනවා. කාර් එකක් නඩත්තු කරන්න වගේම තෙල් ගහන්නත් ලොකු වියදමක් යනවා. ඒ විතරක් නෙවෙයි, සැතපුම් ගණන හා නඩත්තු සේවා වාර ගණන අතර සෘජු සම්බන්ධයකුත් තියන බව අපි දන්නවා.

අද අපි ඔයාට කියන්න යන්නෙ ඔයා පාවිච්චි කරන මෝටර් රථයේ ඉන්ධන වියදම විතරක් නෙවෙයි, නඩත්තුවට යන වියදමත් අඩු කරගන්න ඔයාට කරන්න පුලුවන් දේවල් කිහිපයක් ගැනයි.

08. පෙඩලය මෙටල් එකට දමන්න එපා.

වේගයෙන් වාහනය පදවන්න කැමති රියදුරන් අපි ඕන තරම් දැකලා තියනවා. ඒත් රිය පැදවීමේ පාසැලේදී අපිට කියලා දෙන්නෙ ඉන්ධන පරිභෝජනය අඩු කරගන්න නම් ඇක්සලේට් කිරීම හා බ්‍රේක් ගැසීම සුමටව කරන්න ඕන කියලයි. ඔයා හයියෙන් වේගය වැඩි කරනකොට ඔයාගෙ මෝටර් රථය වැඩි ශක්තියක් පරිභෝජනය කරන නිසා ඉන්ධන පරිභෝජනයත් වැඩි වෙනවා.

07. අධිවේගී මාර්ගයේදී කෲස් කන්ට්‍රෝල් එක භාවිතා කරන්න.

විවෘත මාර්ග කොටසක වාහනයේ වේගය වැඩි කරනවාට වඩා, වේග සීමාවන් අනුගමනය කරලා කෲස් කන්ට්‍රෝල් එක පාවිච්චි කරනවා නම් ඔයාගෙ වාහනයේ ඉන්ධන ඉතිරි කරගන්න පුලුවන්. වින් ඩ්‍රැග් එක හොඳින් ක්‍රියා කිරීමට නම් ඔයාගෙ මෝටර් රථයේ එන්ජින් වේගය කරන්න ඕන. එතකොට ඉන්ධන පරිභෝජනයත් වැඩි වෙනවා.

06. නියමිත වේලාවට සර්විස් කිරීම

හැම සැතපුම් 4,500 කට වරක් ඔයිල් ෆිල්ටර් එක හා ඔයිල් මාරු කිරීම කරන්න ඕන. ඒ වගේම, ප්ලග් හා එයාර් ෆිල්ටර් එක මාරු කරන්නත් අමතක කරන්න එපා. අමතර වියදම් වළක්වා ගැනීමට මෙය නියමිත වේලාවට කරන්න. එහෙම නොකළොත්, එන්ජින් අක්‍රිය වෙන්න පුලුවන්. ඒ වගේ අලුත්වැඩියාවකට ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා.

05. වායුසමීකරණය අක්‍රිය කරන්න.

මේ වෙලාවෙදි නම් ඔයාලා තීරණය කරන්න ඕන, වැඩිපුරම වැදගත් වෙන්නෙ සුවපහසුවද? එහෙමත් නැත්නම් ඉන්ධන ඉතුරුකර ගැනීමද? කියලා. වායුසමීකරණ යන්ත්‍රය ඔන් කිරීමත් එක්ක ඉන්ධන පරිභෝජනය සාමාන්‍යයෙන් 15% කින් වැඩි වෙනවා. අනෙක් විදුලි උපකරණවලට එච්චර ඉන්ධන ප්‍රමාණයක් වැය වෙන්නෙ නෑ. ඒ නිසා ඔයා වායු සමීකරණය ඕෆ් කලොත් සැතපුම් 100 කට ගෑස් හැලෝන් 1 ක් විතර ඉතුරු කරගන්න පුලුවන්.

04. ගමන් මාර්ගය කාර්යක්ෂමව සැලසුම් කරන්න.

ඔයා ඔයාගෙ ගමන් මාර්ගය කාර්යක්ෂමව සැලසුම් කරනවා නම්, විශේෂයෙන් ශීත සෘතුවේදී ගෑස් වියදම් ඉතිරි කරගන්න ඒක ඔයාට ලොකු උදව්වක් වෙයි. සීතල එන්ජිමක් පළමු සැතපුම් 5 හෝ ඊට වැඩි දුරක් යනකන් වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. දවසට කිහිප වතාවක් එන්ජිම රත් කරන්නෙ නැතිව ඔයාගෙ ඔක්කොම වැඩ එක ගමනකින් කරගන්න උත්සාහ කරන්න පුලුවන් නම් හොඳයි.

03. වැසි වැටෙන විට රිය පදවන්න එපා.

වහින වෙලාවට හදිසි අනතුරක් ඇතිවීමේ අවදානම වැඩියි. ඒ වගේම වැස්ස වෙලාවට ඉන්ධන පරිභෝජනයත් වැඩි වෙනවා. වියළි දිනවලදී, වින්ඩ් ඩ්‍රැග් එක ක්‍රියාත්මක කරනකොට, වාහනය විශාල ශක්තියක් වැය කරනවා. ඒත් වැහි දවස්වලට මාර්ගයේ ජල ප්‍රතිරෝධය ඊටත් වඩා වැඩියි.

02. ටයර් පීඩනය නිරීක්ෂණය කරන්න.

හරියට පදම් වුණු ටයර් මගින් ප්‍රශස්ත තිරිංග සැපයීමකට උදව් වෙනවා. ඒ වගේම ටයර් අවම වශයෙන් 0.1 atm කින් අඩු කරලා තියනවනම්, එය ඉන්ධන පරිභෝජනය 2-3% කින් වැඩි කිරීමට හේතු වෙනවා. විශේෂයෙන් සීතල කාලගුණය තුළ ටයර්වල පීඩන මට්ටම නිරීක්ෂණය කිරීම හා නිර්දේශිත මට්ටමට අනුකූලව තබා ගැනීම එච්චර වැදගත් වෙන්නේ ඒ නිසයි.

01. අනවශ්‍ය බර ඉවත් කරන්න.

සමහර රියදුරන් ඕනෙද එපාද කියලා හිතන්නෙත් නැතුව හැමදේම වාහනය ඇතුළේ දාගෙන යනවා. ඒත් අමතර රෝදයක්, ටයර් ජැක් හා කැප් යතුරු වගේ අවශ්‍යම දේවල් විතරක් වාහනයේ තියාගන්න එක ගොඩක් හොඳයි. වාහනයේ බර වැඩි වෙන තරමට ඉන්ධන පරිභෝජනයත් වැඩියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *