ලෝකයේ දැනට තියන පාස්පෝට් වර්ග හා ඒවායේ තේරුම්

01. රතු පාට


මේක තමයි වඩාත් පොදු වර්ණය. ඓතිහාසික හෝ වර්තමාන කොමියුනිස්ට් ක්‍රමයක් ඇති රටවල් විසින් රතු ආවරණයක් තියන විදේශ ගමන් බලපත්‍ර බොහෝ විට තෝරා ගනු ලබනවා. ස්ලොවේනියාව, චීනය, සර්බියාව, රුසියාව, ලැට්වියාව, රුමේනියාව, පෝලන්තය හා ජෝර්ජියාව කියන රටවල්වල පුරවැසියන්ට රතු ගමන් බලපත්‍ර තියනවා. ක්‍රොඒෂියාව හැර යුරෝපා සංගමයේ සාමාජික රටවල් ද බර්ගන්ඩි හා වෙනත් රතු පාට පාස්පෝට් භාවිතා කරනවා. තුර්කිය, මැසිඩෝනියාව හා ඇල්බේනියාව වගේ යුරෝපා සංගමයට බැඳීමට කැමති රටවල් මීට වසර කිහිපයකට කලින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රවල වර්ණය රතු පැහැයට වෙනස් කලා. ඇන්ඩියන් ප්‍රජාවේ – බොලිවියාව, කොලොම්බියාව, ඉක්වදෝරය හා පේරු – ද බර්ගන්ඩි විදේශ ගමන් බලපත්‍ර තියනවා.

02. නිල් පාට


ඊළඟ වඩාත් පොදු වර්ණය තමයි නිල් පාට. මේ නිල් කවරය මගින් “නව ලෝකය” සංකේතවත් කරනවා. කැරිබියානු රටවල නිල් පාස්පෝට් තියනවා. දකුණු ඇමරිකානු රටවල් වල නිල් පාස්පෝට් කවරය සංකේතවත් කරන්නේ මර්කෝසූර් – වෘත්තීය සමිතිය සමඟ ඇති සම්බන්ධතාවයයි. මෙයට බ්‍රසීලය, ආර්ජන්ටිනාව සහ පැරගුවේ ඇතුළත් වේ. වෙනිසියුලාව මෙහි ව්‍යතිරේකයයි: එය ද සමිතියට අයත් ය, ඒත් එහි පුරවැසියන්ට තියෙන්නෙ රතු ගමන් බලපත්‍රයි. එක්සත් ජනපද පුරවැසියන්ගේ විදේශ ගමන් බලපත්‍ර නිල් පාටට වෙනස් කළේ 1976 දීය.

03. කොළ පාට


ගොඩක් මුස්ලිම් රටවල කොළ පාට විදේශ ගමන් බලපත්‍ර තියනවා. උදාහරණ විදියට මොරොක්කෝව, සෞදි අරාබිය හා පකිස්ථානය වගේ රටවල් දක්වන්න පුලුවන්. මුහම්මද් නබිතුමාගේ කැමතිම පාට විදියට කොළ පාට සලකනු ලබන අතර එය සොබාදහමේ සහ ජීවිතයේ සංකේතයක් කියලත් සලකනවා. බුර්කිනා ෆාසෝ, නයිජීරියාව, නයිජර්, අයිවරි කෝස්ට් සහ සෙනෙගල් වගේ බටහිර අප්‍රිකානු රටවල් කිහිපයක පුරවැසියන්ට ද විවිධ කොළ පැහැති පාට සහිත පාස්පෝට් තියනවා. එයාලා සම්බන්ධයෙන් ගත් කල, වර්ණයෙන් දැක්වෙන්නේ ඔවුන් ECOWAS (බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව) ට අයත් බවයි.

04. කළු


දුර්ලභ විදේශ ගමන් බලපත්‍ර කළු ආවරණ ඇති අයයි. බොට්ස්වානා, සැම්බියාව, බුරුන්ඩි, ගැබොන්, ඇන්ගෝලා, චැඩ්, කොංගෝ, මලාවි හා වෙනත් අප්‍රිකානු රටවල පුරවැසියන් අතර කළු පාට විදේශ ගමන් බලපත්‍ර දකින්න පුලුවන්. නවසීලන්තයේ පුරවැසියන්ට ද කළු පාට ගමන් බලපත්‍ර තියනවා. ඒකට හේතුව තමයි කළු පාට නවසීලන්තයේ ජාතික වර්ණය වීම.

එක් එක් රටේ විදේශ ගමන් බලපත්‍රයේ වර්ණය අනුව පහත සිතියම ඇඳලා තියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *