ලෝකයේ අති විශාල දේවල් 16 ක්

අපට වඩා විශාල ජීවීන් විසින් ලෝකය පාලනය කළ අවස්ථා තිබුණා. ඒ තමයි ප්‍රාග් ඓතිහාසික යෝධයන්. ඒත් අදටත් සොබාදහමේ තියන දැවැන්ත නිර්මාණ වලින් අපිව පුදුමයට කරනවා.

අද අපි ඔයාට පෙන්නන්න යන්නෙ ලෝකෙ තියන විශාලම දේවල් 15 ක්.

16. සීකුවියා ගස්

සීකුවියා ගස් කියන්නෙ පරිමාව අනුව පෘථිවියේ විශාලතම ජීවීන් වර්ගයයි. මෙහි උඩ අඩි 275 ක් හා විෂ්කම්භය අඩි 26 ක් දක්වා වර්ධනය වෙන්න පුලුවන්.

15. ඇම්ෆිකෝලියා

ඇම්ෆිකෝලියා කියන්නෙ පෘථිවියේ මෙතෙක් ජීවත් වුණු විශාලතම සත්වයා. මෙයාලා ශාකභක්ෂක ඩයිනෝසෝරයන් වර්ගයක්. ඔවුන් ජීවත් වුණේ මීට වසර මිලියන 145-161 කට කලින්. එයාලගෙ දිග මීටර් 58 ක් විය හැකි අතර කශේරුකාවක දිග මීටර් 2.5 ක් වෙනවලු.

14. ටයිටනොබෝවා

ටයිටනොබෝවා කියන්නෙ බෝවෙකුගේ සමීප ඥාතිකමක් තියන සත්ව වර්ගයක්. ඒත් ඊට වඩා විශාලයි. මීට වසර මිලියන 58-61 කට කලින් ටයිටනෝබෝවා ජීවත් වූ අතර ඔවුන්ගේ දිග මීටර් 13 ක් විය හැකියි. වර්තමානයේ අපේ පෘථිවියේ ජීවත්වන පිඹුරු වර්ග වර්ධනය වෙන්නේ උපරිම මීටර් 7.5 ක් විතරයි.

13. කොස්

ලොව විශාලතම පලතුර තමයි කොස් කියන්නෙ. කොස්ගෙඩියක දිග සෙන්ටිමීටර 90 ක් හා විෂ්කම්භය සෙන්ටිමීටර් 50 විතර වෙනවා.

12. ආර්ජන්ටාවිස්

ආර්ජන්ටිනාවස් ජීවත් වුණේ මීට වසර මිලියන 5-8 කට කලින්. පෘථිවි ඉතිහාසයේ විශාලතම පක්ෂීන් වර්ගයක් තමයි ආර්ජන්ටාවිස් කියන්නෙ. ඔවුන්ගෙ පියාපත් පැතිරීම මීටර් 7 කට ආසන්න විය හැකි අතර ඔවුන් මීයන් ආහාරයට ගත්තා.

11. පාරාදීස ගුහාව

වියට්නාමයේ ෆොන්ග් නා-කෝ බං ජාතික වනෝද්‍යානයේ එක් ගුහාවක් ලෝකයේ විශාලතම හා ලස්සනම ගුහාව ලෙස නම් කෙරුණා. මෙහි විශාලතම කුටිය කිලෝමීටර 5 කට වඩා දිග, මීටර් 200 ක් උස හා මීටර් 150 ක් පළලයි.

10. රැෆ්ලේෂියා

පෘථිවියේ විශාලතම මල තමයි රැෆ්ලෙෂියා. එහි විෂ්කම්භය සෙන්ටිමීටර 100 ඉක්මවා යන්න පුලුවන්. මේ මලට තියෙන්නෙ කුණු වූ මස් සුවඳක්.

09. යෝධ මුවන්

අයිරිෂ් එල්ක් නොහොත් යෝධ මුවන් මීට වසර මිලියන 2 කට පමණ පෙර හිටපු සත්ව වර්ගයක්. වනාන්තර එළි පෙහෙළි කරනකොට යෝධ මුවන් මිය යන්න පටන් ගත්තා. ඒකට හේතු වුණේ ඔවුන්ගේ විශාල අං මීටර් 5 ට වඩා පළල නිසා ගණ අතු හරහා ගමන් කරන්න බැරිවුණු නිසයි.

08. අති විශාල දිලීර

ආමිලරියා ඔස්ටෝයා හෙවත් හුමොන්ගස් දිලීර කියන්නෙත් පෘථිවියේ විශාලතම ජීවීන්ගෙන් එකක්. එය ඔරිගන්හි මල්හෙර් ජාතික වනාන්තරයේ වර්ග කිලෝමීටර් 8.4 ක් ආවරණය වන අතර ගොඩක් දුරට පොළව යට තමයි හැදෙන්නෙ.

07. මෙරෝස්ටෝම්

මෙරෝස්ටෝම් තමයි මෙතෙක් හිටපු විශාලතම ආත්‍රපෝඩාවන් වර්ගය. ඔවුන්ට මීටර 2.5 ක් දක්වා වර්ධනය වෙන්න පුලුවන්. එයාලා ජීවත් වුණේ මීට වසර මිලියන 248-510 කට කලින්.

06. මහා බාධක කොරල් පරය

මහා බාධක පරය කොරල් පරය කියන්නෙ ජීවීන් විසින් සාදන ලද ලොව විශාලතම තනි ව්‍යුහයයි. කොරල් මුහුදේ පිහිටා ඇති එය වර්ග කිලෝමීටර් 344,400 ක වපසරියකින් කිලෝමීටර් 2,300 ක් පුරා විහිදෙනවා.

05. යෝධ, කෙටි මුහුණක් ඇති වලසා

යෝධ කෙටි මුහුණක් ඇති වලසෙක් උගේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්නකොට මීටර් 4.5 ක් විතර උසයි. අයිස් යුගයේ පෘථිවියේ ජීවත් වූ විශාලතම මාංශ භක්ෂක ක්ෂීරපායීන්ගෙන් එක වර්ගයක් තමයි මේ යෝධ වලසුන්. මොවුන් 14,000 කට පෙර වඳ වුණා.

04. ගිගන්ටොපිටෙකස්

ගිගන්ටොපිටිකස් කියන්නෙ මෙතෙක් හිටපු විශාලතම වානරයායි. ඔහු ජීවත් වුණේ මීට වසර මිලියනයකට විතර කලිනුයි. දුර්ලභ නටබුන් මත පදනම්ව නිශ්චිත නිගමනවලට එළඹෙන්න අමාරු වුණත් විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ගිගන්ටොපිතෙකස් උසින් මීටර් 4 ක්, බර කිලෝග්‍රෑම් 550 ක් වුණු අතර ඔවුන් උණ බම්බු ආහාරයට ගත් බවයි.

03. ක්වෙට්සාල්කෝට්ල්

මේ සත්ව වර්ගය ජීවත් වුණේ මීට වසර මිලියන 66-68 කට කලින්. පෘථිවි ඉතිහාසයේ විශාලතම ටෙරෝසෝරය හා විශාලතම පියාසර කරන සත්වයා වුණේ ක්වෙට්සාල්කෝට්ල්. එයාලගෙ පියාපත් පැතිරීම මීටර් 12-15 ක් වූ අතර ඔවුන් කැරියන් හා කුඩා පෘෂ්ඨවංශීන් ආහාරයට ගනු ලැබුවා.

02. නිල් තල්මසා

අද පෘථිවියේ ජීවත්වන විශාලතම සත්වයා තමයි නිල් තල්මසා කියන්නෙ. ඒ වගේම පෘථිවි ඉතිහාසයේ විශාලතම සත්වයාත් නිල් තල්මසා ම තමයි. දිග මීටර් 33 ක් හා බර ටොන් 150 ක් වෙනවා. 1960 දශකය වෙනකොට නිල් තල්මසුන් සියල්ලන්ම පාහේ මිය ගිය අතර ඉතිරි වුණේ සතුන් 5,000 ක් විතරයි. අද වෙනකොට නිල් තල්මසුන් 10,000 කට වඩා නොමැති අතර, එයාලගෙන් එක්කෙනෙක් හරි සොබාදහම තුළ දකින්න ලැබෙන එකම සතුටට කරුණක්.

01. සර්කෝසුචස්

බොහෝ කලකට පෙර ජීවත් වූ නූතන අලිගෙටරයක මුතුන්මිත්තෙක් තමයි සර්කෝසුචස් කියන්නෙ. දිගින් මීටර් 12 ක් විතර වුණා. ඔහු කුඩා ඩයිනෝසෝරයන් ගොදුරු කර ගත් අතර ඔහුගේ එක කටකට රාත්තල් 33,000-44,000 ක් විතර අහු වුණා.

යෝධයෙක්

මෙච්චර ලොකු නියපොතු ඔයා දැකලා තියනවද? මේවගේ අයිතිකාරයා කවුද? මේ නියපොතුත් එක්ක වනාන්තරයක් හරහා ගමන් කරන එක ගැන හිතලා බලන්නකෝ. මේ නියපොතුවල අයිතිකාරයන් වුණේ යෝධ වලසුන් වර්ගයක්. මේ යෝධ වලසුන් ඇලස්කාවේ හා කම්චැට්කා අර්ධද්වීපයේ වාසය කරන අතර උරහිසට උස අඩි 14 සිට 15 දක්වා වූ බව වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *