මෝටර් රථයේ දොර ලොක් වුනොත් ඇරගන්න ක්‍රම 10 ක්

ඔයාගෙ කාර් එකේ යතුරු කැරැල්ල නැති වෙලා නම් හෝ යතුර වාහනය ඇතුළේ තියෙද්දි දොරේ අගුලු වැටිලා නම් කාර් එකේ දොර ඇර ගන්න ඔයාට ටිකක් කරදර වෙන්න සිදුවෙනවා. මේ කලබලය නිසා කරදරයට පත්වෙලා ඉන්න වෙලාවේ ඔයාගෙ අවශ්‍යතාව පහසුවෙන් ඉ‍ටුකරගන්න පුලුවන් ක්‍රම කිහිපයක් ගැනයි අද අපි ඔයාට කියලා දෙන්න යන්නේ. යතුරක් නැතුව වාහනයේ ලොක් වුණු දොර ඇරගන්න පුලුවන් ආකාර කිහිපයක් ගැන දැන් දැනගනිමු.

01. ටෙනිස් බෝලයක් යොදා ගන්න.

යතුරු හිලට සමාන කුඩා සිදුරක් ටෙනිස් බෝලයේ හදන්න. දැන් එය හිල මත තියලා තල්ලු කරන්න. බෝලය මඟින් ඇතිකරන වායු බලය මඟින් කාර් එකේ අගුලු ඉවත් වෙනවා.

02. සපත්තු ලේස් එක මගින්

මේකට නම් පොඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම මේ ක්‍රමය භාවිතා කල හැක්කේ pulling-up lock වර්ගයේ යාන්ත්‍රණයක් තියන කාර්වලට විතරයි. ඒත් මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. කුඩා ලූපයක් ගැටගසා, දොර‍ටුව තුලට සපත්තු ලේස් එක හෙමින් තල්ලු කරන්න. ලොක් එක වටා ලූපය යවමින් ඉහළට ඇද්ද විට දොර විවෘත වෙනවා.

03. හැන්ගර් එකක කොක්ක මගින්

තිරස් වර්ගයේ අගුලු සඳහා පමණක් භාවිතා පරන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ. හැන්ගර් එකක කබිය නවලා කොක්කක් හදාගන්න. හදාගත් කොක්ක දොර‍ටුව තුලට දමා අගුල වටා යවමින් එක්වරම අදින්න.

04. කූරක් හා ඉස්කුරුප්පු නියනක් මගින්

මේක ගොඩක් පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. මොකද ඉස්කුරුප්පු නියන නිසා කාර් එකේ දොර‍ටුවේ බාහිර හා අභ්‍යන්තර කොටස් වලට හානි සිදුවෙන්න පුලුවන්. මුලින්ම නියනින් දොර‍ටුවේ පොඩි විවරයක් හදාගන්න. දැන් කූර භාවිතා කරමින් අගුල තල්ලු කරන්න.

05. Spatula එකක් භාවිතා කරන්න

ලීවරය භාවිතා කරලා දොර‍ටුවට කූඤ්ඤයක් දමා විවෘත කරගන්න. දන් spatula එකක් හෝ ඊට සමාන පැතලි උපකරණයක් ඇතුලට තල්ලු කරලා අගුල ඉහළට ඔසවන්න.

06. හුලං පිරවිය හැකි කූඤ්ඤයක් මගින්

මේකත් ඉස්කුරුප්පු නියන භාවිතයෙන් දොර අරින ක්‍රමයට සමානයි. මෙහිදී ලෝහ කූර වෙනුවට හුලං හරහා දොර විවෘත වෙනවා. මේ උපකරණය භාවිතයෙන් විනාඩියක් යන්න කලින් ලොක් වුණු දොර ඇරගන්න පුලුවන්. මේ ක්‍රමයේ වාසිය තමයි, මෙමගින් කාර් එකේ පිටත තීන්ත ආවරණයට හානියක් සිදු වෙන්නෙ නෑ. ඒත් මේ ක්‍රමය තරමක් මිලෙන් අධිකයි.

07. ප්ලාස්ටික් පටියක් මගින්

මෙහිදී සිදු කරන්නේ ප්ලාස්ටික් පටිය නවා දොරේ කම්බිය හරහා යවා අගුල ඉහළට එසවීමයි.

08. කාර්මික ශිල්පියෙකුගේ සහය ලබාගැනීම මගින්
09. වෘත්තිමය අගුලු කැඩීමේ උපකරණ (lock picking tool) මගින්

මේ උපකරණ පාවිච්චි කරන්නෙ කොහොමද කියලා ඔයා දන්නවා නම් ලේසියෙන්ම ලොක් එක ඇරගන්න පුලුවන්.

10. යතුරු හදන කෙනෙකුගේ සහය ලබා ගැනීම මගින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *