මේ පින්තූර 15 දැක්කම නම් ඔයාට හිනා නොවී ඉන්න බැරි වෙයි

අපි හැමෝම අවුල් සහගත දේවල් සිදුවෙලා තියනවා. ඕන තරම් අවස්ථා වලදි එක එක විකාර සිදුවීම් වෙනවා. ඒත් අන්තිමට අපිටම ඒවට හිනා යනවා.

අද අපි ඔයාට අරගෙන ආවෙ හිනා නොවී ඉන්න බැරි, අවුල් සහගත අවස්ථා 18 ක්.

01. කළු පූසෙක්

මිනිසෙක් තමන්ගෙ සුරතලාගේ හැසිරීම ගැන බය වෙලා ඔහුව පශු වෛද්‍යවරයෙකු වෙත ගෙනිහින් පරීක්ෂා කරවගන්න තීරණය කළා. මෙහිදී සුරතල් පූසා කාංසාවෙන් පෙළෙන බව අයිතිකරුට දැනගන්න ලැබුණා. අයිතිකරුට පූසාගේ බෙහෙත්වලට ඩොලර් 130 ක් ගෙවන්නත් සිදුවුණා. ඒත් ඒ ඇත්තටම ඒ මිනිසාගේ සුරතලා නෙවෙයි කියලා මිනිසා හෝ පශු වෛද්‍යවරයා දැනගෙන හිටියේ නෑ. ඔහුගේ ඇත්ත සුරතලා ගෙදර ආවට පස්සෙ තමයි අයිතිකාරයාට ඇත්ත තේරුණේ. පසුව තමයි දැනගත්තෙ මේ මිනිසා බෙහෙත් අරන් දීලා තියෙන්නෙ ඔහුගේ අසල්වැසියාගේ සුරතල් පූසාට කියලා.

02. එලාම් එක

මගෙ එලාම් එක 9.30 ට වැදුණේ නැත්තෙ ඇයි කියලා දැනුයි මට තේරුණේ.

03. මිටි වියට්නාම මිනිසෙක්

වියට්නාමයේ තිබුණු ව්‍යාපාරික සමුළුවකදී ස්කොට්ලන්ත ජාතික බැරන්ස් මිෂෙල් මොන්ට අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණා. මිනිසුන් 3,000 ක් ඉදිරියේ ඇය කළ කතාවෙන් පසු 22 හැවිරිදි වියට්නාම ජාතික මිටි මිනිසෙක් ඇයට මල් කළඹක් ලබා දෙන්න ඇය ලඟට ආවා. මිශෙල් හිතුවෙ ඒ පොඩි ළමයෙක් කියලා. ඉතින් ඇය ඔහුව වඩාගෙන සුරතල් කළා.

04. ලෙගෝලන්තය
© Nhsunray/reddit

මේ අවුරුදු 2 ක ළමයා හිතන්නේ ඔවුන් ලෙගෝලන්තයේ ඇත්ත මිනිසුන් බවයි.

05. සිරගත කිරීම

24 හැවිරිදි රොස් ලෙබෝ කිඩිම හේතුවක් නැතුව දවස් 3 ක් සිරගතව හිටියා. ඔහුගේ මෝටර් රථය නැවැත්වූ විට පැරණි මේස් එකක් තුළ තිබුණු දේ පොලීසිය විසින් හොයාගත්තා. ඇත්තටම ඔහු ඒ මේස් එක කාර් එකේ තියාගෙන ඉඳලා තියෙන්නෙ ජනෙල් වීදුරුවල මීදුම බැඳෙන එක නවත්තන්නයි.

06. දොරක්

වෙනමම දොර මිලදී ගන්නා විට; මොනතරම් පුදුමයක්ද! ඒ දොර කාර් එකට ගැළපෙන්නෙ නෑ.

07. කුකීස්

බීමත්ව ඉන්නකොට කෑම උයන්න ගියාම තමයි මෙහෙම වෙන්නෙ!

08. මගේ සපත්තු

“මම වැඩට යනකොට මොකක් හරි අවුලක් තියන බව මට තේරුණා. කමක් නෑ අඩුම තරමේ පාට හරි ගැලපෙනවනේ!

09. ඩොකින් ස්ටේෂන්

මගේ සහෝදරයා ඔහුගේ ඩොකින් ස්ටේෂන් එක හරියට වැඩ කරන්නෙ නෑ කියලා කිව්වා. ඔක්කොම හරියට කලා නම් මට ෆොටෝ එකක් එවන්න කියලා මම කිව්වා!

10. සිඩ්නි

පිරිමි ළමයෙකුට සැබවින්ම අව්ව සහිත ඕස්ට්‍රේලියාව බලන්න ඕන වුණත් ඒක ඉවර වුණේ හිම සහිත කැනඩාවෙන්. මේක සිදුවුණේ කොහොමද? මිලාන් ස්කිපර් ටිකට් එක මිලදී ගෙන තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවලට නෙවෙයි, කැනඩාවේ සිඩ්නිවලටයි.

11. කෝපි කෝප්පයක්

සමහර විට කෝපි කෝප්පයක ඔයාගෙ නම තියනවා දකින්න පුලුවන්.

12. පින්තූරයේ කතාව

මේ ඡායාරූපය ප්‍රසිද්ධ වුණේ මේ පිරිමි ළමයාගේ මව පිජාමා දිනය හා වාර්ෂික ඡායාරූප දිනය පටලවාගත් නිසයි. ඡායාරූපය ගන්නකොට තමන් ඇඳගෙන ඉන්න ස්පොන්ජ් බොබ් පිජාමා එක ගැන ළමයා සතුටින් නෙවෙයි ඉන්නේ.

13. සුදු බල්ලෙක්

ටෙරීට ජැක් රසල් ටෙරියර් බල්ලෙක් ඉන්නවා. මේ බල්ලා ගිනිකෙළි වලට බය වුණාම දුවගෙන ගිහින් හැංගෙන්න පුරුදු වෙලා හිටියා. දවසක් ටෙරී සමාජ මාධ්‍යවල නැතිවුණු බල්ලන් දෙන්නෙක් ගැන දාලා තිබුණු පෝස්ට් එකක් දැක්කා. ඒ ඇගේ බල්ලා ද නැද්ද කියලා ඇය හරියටම දැනගෙන හිටියෙ නෑ. ඇය තම පුතාට ඒ පින්තූරය යවලා “ඩිව් ගෙදරද?” කියලා ඇහුවා. පින්තූරයේ ඉන්න බල්ලා එයාලගෙ ගෙදර බල්ලා වගේ නෙවෙයි නිසා “ගෙදර හිටපු බල්ලා කොයි වගේද කියලා අම්මා දන්නෙ නෑ” කියලා පුතා ට්විටර් එකේ විහිළු පෝස්ට් එකක් දැම්මා. නැතිවුණු බල්ලන් දෙන්නෙක්ට එයාලගෙ ගෙවල් හොයාගන්න මේ පෝස්ට් එක උදව් වුණා.

14. ඉතාලිය

ඔක්කොම නගර ටික බලාගන්න ඔයාට වෙලාවක් නැත්නම් බලන්නෙ මින නගරයද කියලා ඔයාට හිතාගන්න බැරි වෙනවා. රෝමය බලන්න යනවද? නැත්නම් පීසා ද? එත් ගණන් ගන්න එපා. ඒ ඉතාලිය! එච්චරයි වැදගත්.

15.උපාධි ප්‍රදානෝත්සවය

එංගලන්තයේ ගැහැණු ළමයෙක් සිය ට්විටර් ගිණුමේ ඉතා විහිලු වීඩියෝවක් පළ කලා. ඇගේ පියා ඇගේ උපාධි ප්‍රදානෝත්සවයේදී ඇය උපාධිය ලබා ගන්නා ආකාරය පටිගත කිරීමට උත්සාහ කලා. “මගේ තාත්තා මගේ උපාධි ප්‍රදානෝත්සවයේදී මම කියලා හිතාගෙන වෙන ගැහැණු ළමයෙක්ව වීඩියෝ කරලා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *