මේ අයිතම 16 නැතුව අනාගතයේදී ඔබට ජීවත් වෙන්න නම් බැරි වෙයි

එක එක මෝස්තර වෙබ් අඩවි වල තියන ඔබට නව නිපැයුම් ඔයත් ඕන තරම් දැකලා ඇති. ගොඩක් වෙලාවට මේ නිෂ්පාදන අපේ එදිනෙදා ජීවිතයට නැතුවම බැරි වෙන්න පුලුවන්. ඇත්තටම, නව නිර්මාණ කරනවා කියන්නෙ මිනිසුන්ට පාවිච්චි කරන්න පුලුවන් දේවල් නිර්මාණය කරන එකයි.

මෑතකදී හදපු නව නිර්මාණ අතරෙන් හොඳම නිර්මාණ අදහස් කිහිපයක් ගැන විස්තර ඔයත් එක්ක බෙදා ගන්න අපි හිතුවේ ඒ නිසයි.

01. හුරුබුහුටි සුප් හැන්ද

උණුසුම් සුප් භාජන වල ගැඹුරේ හැංගිලා ඉන්න ඉනිමගක් වගේ හැන්දක් තමයි මේ. මේ හුරුබුහුටි හැන්ද නිර්මාණය කරලා තියෙන්නෙ ඔටොටෝ හි නිර්මාණකරුවන් විසින්.

02. එක් වරක් භාවිත කල හැකි ග්‍රොසරි බෑග් රඳවනය
03. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උද්‍යාන පහන්

මේ රකූන් හා චිප්මන්ක් දවල්ට වගේම රෑටත් ඔයාගෙ වත්තට යම් ජීවයක් ලබා දෙනවා. මේ සත්ව පහන් ක්‍රියාත්මක වෙන්නෙ සූර්ය බලයෙන්.

04. ස්මාර්ට්ෆෝන් මුද්‍රණ යන්ත්‍රය

ප්‍රින්ටෙරොයිඩ් කියන කුඩා උපාංගය මඟින් ඔයාගෙ ස්මාර්ට් ෆෝන් එකේ තියන පින්තූර මුද්‍රණය කරගන්න පුලුවන්. ඒකට ඔයා දාන්න ඕන පළල අඟල් 2.5 (සෙ.මී. 7) සහ දිග අඩි 33 (මීටර් 10) ක විශේෂ කඩදාසි රෝල් එකක් විතරයි.

05. නව කැනේඩියානු ගමන් බලපත්‍රය

කැනේඩියානු පුරවැසියෙකුගේ විදේශ ගමන් බලපත්‍රයේ අලුත්ම ස්වරූපය තමයි මේ. පුදුම හිතෙන නිර්මාණාත්මක ලේඛනයක් නේද?

06. තාත්තා සමඟ ඇවිදින්න

සැඩ්ල්බේබි මගින් දෙමව්පියන්ගේ උරහිස් වලට සුරක්‍ෂිත විදියට දරුවන් රැගෙන යන්න පුලුවන්. ඒ අතරතුර දුරකථනයෙන් කතා කිරීම, පින්තූර ගැනීම හෝ වෙනත් උපකරණ භාවිතා කරන්නත් පුලුවන්.

07. යෝධ කුරුළු කූඩුව

ඊශ්‍රායලයේ මෙරව් ඊටන් හා ගැස්ටන් සහර් කුරුලු කූඩුවක් වගේ පේන සුවිශේෂී සෝෆා එකක් නිර්මාණය කලා. මේ යෝධ කුරුලු කූඩුව පුද්ගලයන් 4 සිට 16 දක්වා ඉඳගන්න පුලුවන් විදියට ප්‍රමාණ හතරකින් ලබාගන්න පුලුවන්.

08. මාලු අල්ලන හිම වලසා

ජපන් මෝස්තර ස්ටුඩියෝ එකක් වන නෙක්ටි විසින් මේ හුරුබුහුටි තේ බෑග් රඳවනය වැඩි දියුණු කරලා තියනවා. කුඩා හිම වලසෙකු රවුම් මතුපිට වාඩි වී සිටිනවා. මේක කෝප්පවලට පියනක් එස පාවිච්චි කරන්න පුලුවන්.

09. ටෝස්ටර් පිහිය

මේක සාමාන්‍ය පිහියක් වගේම පේනවා. ඒත් ඔයා බොත්තම තද කලාට පස්සෙ, පිහිය ජංගම ටෝස්ටරයක් ​​බවට පත්වෙනවා. එමගින් ඔයා පාන් කපන අතරතුරම ටෝස්ට් කරනවා.

10. දෘශ්‍ය මායාවක් ලෙස පෙනෙන තුවාය

ජපානයේ A.P. වර්ක්ස් සැලසුම් චිත්‍රාගාරය විසින් තමයි මේ තුවා වර්ගය හඳුන්වා දුන්නේ.

11. ස්මාර්ට් ෆෝන් සඳහා කුඩා චාජරය

මිනි පවර් කියන්නෙ විද්‍යුත් සොකට් අඩංගු නැති, ජංගම දුරකථන හෝ ටැබ්ලට් පරිගණක භාවිතා කරන්නන් සඳහා හදපු උපකරණයක්. මේ කට්ටලය තුළ ඔයාගෙ දුරකථනයට එක එක ශක්තීන් ලබා දෙන එකවරක් පාවිච්චි කරන්න පුලුවන් බැටරි කිහිපයක් අඩංගු වෙනවා.

12. කක්ෂ සහිත බිත්ති ඔරලෝසුව

ඕර්බිට්ස් ඔරලෝසුව කියන්නෙ වී ස්ටුඩියෝ හි අලුත්ම නිෂ්පාදනයක්. අත් වෙනුවට, මෙහි පැය, මිනිත්තුව හා තත්පර පෙන්වීමට ලෝහමය කක්ෂ රේඛා තියනවා.

13. කලාත්මක ඇඳ ඇතිරිලි

ඩූඩ්ල් බයි ස්ටිච් ඇඳ ඇතිරිලි කියන්නෙ සුදු පාට රෙද්දක්. ඒත් ඔයා ඒක මිලදී ගන්නකොට, ඔයාට දිය සායම් පෑන් කට්ටලයකුත් ලැබෙනවා. ඒවායේ තියන තීන්ත ජලයේ දියවෙන නිසා ඔයාට රූප ඇඳලා ආයෙත් සෝදන්න පුලුවන්.

14. ලාම්පු බුක් මාර්ක්

පෙලෙග් ඩිසයින් හි ඉන්න අය, කියවන්න කැමති හැමෝටම මේස ලාම්පු වගේ පෙනෙන මේ නිර්මාණාත්මක පිටු සලකුණු හදලා තියනවා.

15. රසවත් එළවළු

Le FabShop හි නිර්මාණකරුවන් සෙල්ලම් බඩු සඳහා රසවත් සංකල්පයක් ඉදිරිපත් කරලා තියනවා. මේ උපාංග සාමාන්‍ය එළවළු වලට සම්බන්ධ කළ විට සෙල්ලම් බඩුවක් හදාගන්න පුලුවන්.

16. අඳුරේදී කියවීම සඳහා පහන

කියවීමට උනන්දු අයට මේක හොඳ තෑග්ගක්. ඔයාගෙ කාමරය අඳුරු නම් හා අනිත් කෙනෙකුම නිදාගෙන හිටියත්, ඔයාට පොත කියවන්න ඕන නම් මේ ලාම්පුව පාවිච්චි කරන්න පුලුවන්. එමගින් අනිත් අයගෙ විවේකයට බාධා කරන්නෙ නෑ. පොතේ පිටු ආලෝකමත් කරනවා.


මැක්සිමෝ රීරා විසින් හදලා තියන මේ සම් පුටුවට ඕන කෙනෙක් කැමති වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *