පෘථිවියේ ඇති හොඳම දේ පවුල කියල ඔප්පු කරන ඡායාරූප 24 ක්

අපට තියන හොඳම මතකයන්ගෙන් 90% ක්ම අපේ පවුල් සමඟ සම්බන්ධ වුණු ඒවා කියලා අපි හැමෝම දන්නවා. අම්මට අසනීප වෙලා ඉඳලා සනීප වුණාම අපි ගොඩාක් සතුටු වෙනවා. අපි මුලින්ම අපේ දරුවන්ව දැක්කම දැනෙන සතුට කියාගන්නත් අමාරුයි. ලොකු කාලයකට පස්සෙ නෑදෑයො හම්බුණාම ඇති වෙන්නෙත් ඉවර නොවෙන සතුටක්.

මේ විදිහට අපි අපේ හොඳම අවස්ථාවන් අපේ පවුලේ අයත් එක්ක බෙදාගන්නවා. ඒ බව ඔප්පු කරන පින්තූර 24 ක් තමයි දැන් අපි ඔයාට පෙන්වන්න යන්නෙ.

01. “තාත්තා කෙනෙක් වුණාම දැනෙන සතුට”
02. “මගේ සීයා 103 වන උපන්දිනය දා මගේ 3 හැවිරිදි දියණිය සමඟ”
03. මේකට තමයි පවුල කියලා කියන්නෙ.
04. “මගේ සහෝදරයයි මමයි එකම ඇඳුම් ඇඳගෙන!”
05. “මගේ අම්මා අන්තිමේදී පිළිකාව පරාජය කළා.”
06. “මගේ අත්තම්මාට අවශ්‍ය වුණේ මේක අන්තර්ජාලයේ පළ කරන්නයි. එතකොට ඉතාලියේ තියන ඇයගේ තක්කාලි කොච්චර ලොකු වෙලාද කියලා හැමෝටම දැනගන්න පුලුවන්.”
07. “මායි මගේ පුතයි නත්තලට ලෑස්තියි.”
08. හොඳම නත්තල් තෑග්ග
09. “මගේ ආච්චිට අදට අවුරුදු 100 යි. ඇයට දෙවන ලෝක යුද්ධයේදී ඇගේ පවුල අහිමි වුණා. ඇය ජීවමාන පුරාවෘත්තයක්”
10. “අම්මයි මමයි වීඩියෝ කෝල් එකක් අරගෙන කැමරාවේ ෆිල්ටර්ස් පරීක්ෂා කලා”
11. තමන්ගෙ දුවට ඉස්කෝලෙන් පළවෙනි සහතිකය ලැබුණම මේ අම්මගෙ මුහුණේ තියන ආඩම්බරය දිහා බලන්න.
12. “අපේ තාත්තා කඩේක නත්තල් සීයාට ඇඳලා. එයාව දැක්කම අපිත් පුදුම වුණා.”
13. “දවස පුරාම කෑම හදලා මහන්සියට අම්මා නිදි. ස්තූතියි අම්මේ.”
14. පරම්පරා පහක් එකම පින්තූරයක
15. “ඔහු මාස ​​කිහිපයකින් ඔහුගේ අම්මව දැකලා නෑ. ඒ නිසා ඔහු ඇයව පුදුමයට පත් කලා.”
16. “මගේ කලින් බිරිඳ මගේ පුතාට වයස අවුරුදු 3 දී මාව අතහැරලා ගියා. පුතාට දැන් වයස 8 යි. මම පුතාව බලන්න සැතපුම් 1,200 ක් දුර ගෙවාගෙන ගියා. එහෙදි තමයි මේ කෑම ටික මම හැදුවෙ. පුතා කිව්වා ඒවා හරිම රසයි කියලා.”
17. “මගේ ආච්චිට වයස අවුරුදු 93 යි. දැන් ඇයගේ මතකයත් ටික ටික නැති වෙලා ගිහින්. ඒත් තාමත් රවියෝලි පිටි මෝලිය හොඳටම තුනී කරන්න ඇය දන්නවා.”
18. “අම්මලාගෙ දිනයේදී මම මගේ අම්මා වෙනුවෙන් කුඩා මල් කළඹක් හදලා දුන්නා.”
19. “මාස 14 කට කලින් අපි ඔහුව දරුකමට හදා ගැනීම සඳහා ගුවන් යානයකට නැග්ගා. අද අපි ගුවන් යානයකට නැග්ගේ එයාගේ නංගිව අරන් එන්නයි. ”
20. “මගේ දුව පළමු වරට නත්තල් පහන් දැකපු අවස්ථාව.”
21. මේ කුඩා දැරියට නේපාලයේ සිටි ඇගේ තාත්තාගේ වීඩියෝ කෝල් එකක් ආවා. ඒත් තාත්තා ගෙදරටම ඇවිල්ලා තමයි කෝල් කරලා තියෙන්නෙ.
22. මගේ තාත්තා ඔහුගේ පළමු මුනුබුරා සමග
23. “මම මගේ පුතාට මගේ සීයාගේ නම තැබුවා.”
24. ටිම් ඩන්කන් ඔහුගේ දියණිය සමඟ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *