පිරිමි අයගේ සිරුර ගැන ඔබ නොදත් පුදුමාකාර කරුණු 8ක්

කාන්තාවන්ගේ ශරීරයේ පුදුමාකාර ක්‍රියාකාරීත්වය පිළිබඳව අපට ගොඩක් වෙලාවට අහන්න දැනගන්න ලැබෙනවා. නමුත් පිරිමි අයගේ ශරීරය ශරීරයේ ක්‍රියාකාරිත්වය ගැන ඒ වගේ උනන්දුවක් විද්‍යාවටවත් තියෙනවද කියලා සැක හිතෙන තරම් ඒ ගැන අපිට දැනගන්න තියන දේවල් අල්පයි. පිරිමි වේවා ගැහැනු වේවා මනුෂ්‍ය ශරීරය කියලා කියන්නේ ඉතාම විශ්මයජනක යන්ත්‍රණයක්. අපි අද ඔබට ඉදිරිපත් කරන්න යන්නේ පිරිමි අයගේ ශරීර යාන්ත්‍රණය පිළිබඳ ඔබ මෙතෙක් නොදැන සිටි ඒ වගේම පුදුමාකාර කරුණු කිහිපයකුයි.

01. වයස්ගත වීමේ වේගය අඩු වීම

කාන්තාවන්ගේ මුහුණ ට සාපේක්ෂව පිරිමි පිරිමි අයගේ මුහුණේ තරුණ බව දිගු කාලයක් පවතිනවා. මීට ප්‍රධාන හේතුව වන්නේ පිරිමි අය වයස්ගත වීමත් සමඟ සමේ කොලාජීන් සාන්ද්‍රණය අඩු වන්නේ වඩාත් සෙමෙන් වීමයි. එම නිසාම ඔවුන්ගේ සම රැලි වැටීමට සහ එල්ලා වැටීමට ලක් වෙන්නේ වඩාත් සෙමෙන්.

නමුත් කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි අය තමන්ගේ සම රැක ගැනීමට කරන දේවල් ප්‍රමාණය අඩු නිසා සහ ඔවුන්ගේ වෙනත් නරක පුරුදු නිසා මෙම තත්වය වෙනස් වෙන්න පුළුවන්.

02. කිරි එරීම

ඔව්, ඔබ ඒක හරියට කියෙව්වා. සමහර අවස්ථාවල පිරිමි අයට කිරි එරීමේ හැකියාව තියෙනවා. නමුත් මේක පුරුෂ ශරීරයෙහි ස්වභාවය අනුව සාමාන්‍ය දෙයක් ලෙස සලකන්න බැහැ. මෙය බොහෝවිට සිදුවන්නේ ප්‍රොලැක්ටීන් නම් හෝමෝනය වැඩියෙන් ශ්‍රාවය වූ විටයි. එයට හේතු වන්නේ හෘදය උත්තේජනය කරන වර්ගයේ බෙහෙත් වර්ග ලබා ගැනීම, හයිපොතැලමසයේ සහ පිටියුටරි ග්‍රන්තයේ ගැටලු, අබිං භාවිතය සහ අධික බඩගින්න ආදියයි.

03. තට්ටය පෑදීම

සාමාන්‍යයෙන් තට්ටය පෑදීමේ ජානමය නැඹුරුව බොහෝවිට උරුම වන්නේ මවගේ පාර්ශවයේ X ක්‍රොමසෝම මගිනුයි. නමුත් මෙම තත්ත්වයට එකම හේතුව හෝ එකම වැදගත් හේතුව වන්නේ එය නොවෙයි.

යම් පුද්ගලයෙකුගේ පියා තට්ටය සහිත පුද්ගලයෙකු නම් ඔහු ගේ තට්ටය පෑදීමට ඇති හැකියාව 60%ක් පමණ වනවා. ඒ වගේම පුරුෂ හෝමෝන වල ක්‍රියාකාරිත්වය ද කේශ මූල වලට බලපාන අතර එවිට ක්‍රමයෙන් නැවත අලුතින් කෙස් ඇති කිරීමේ හැකියාව නැතිවී යනවා. මානසික ආතතිය මෙන්ම සමබල ආහාර වේලක් නොලැබීම ද තට්ටය පෑදීමට ප්‍රධාන වශයෙන් හේතු විය හැකියි.

04. පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය

මෙය ඉතාම විශ්මයජනක විය හැකි වුවත් පුරුෂයෙන් 26%ක් අතර මෙම තත්ත්වය දක්නට ලැබෙනවා.

මෙම කාලය ඇතුළත එම පුද්ගලයන් වඩා සංවේදී වීම, ඉක්මනින් තරහ යෑම, අධික බඩගින්නක් සහිත වීම මෙන්ම උදරයේ වේදනාව ඇතිවීම දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය හරියටම කාන්තාවන් ඔසප් තත්ත්වයේදී අත්විඳින තත්ත්වයට සමාන විය හැකියි.

05. කාන්තාවක ලෙස ආරම්භ වීම

ලෝකයේ සෑම මනුෂ්‍යයෙක්ම තමන්ගේ පැවැත්ම ආරම්භ කරන්නේ කාන්තාවක ලෙසයි. පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන්නේ x සහ y ක්‍රොමසෝම මගින්. පිළිසිඳ ගැනීමකදී X ක්‍රොමසෝම දෙකක් එකට එකතු වූ විට දැරියක බිහිවන අතර x සහ y ක්‍රොමසෝම දෙකක් එක් වූ විට දරුවකු බිහි වෙනවා.

නමුත් කලලයට සති 5-6 අතර කාලයක් වනතුරු Y ක්‍රොමසෝමය ක්‍රියාකාරී වන්නේ නැහැ. එය ක්‍රියාකාරී වන තුරු කලලය දැරියක සේ වැඩෙනවා.

06. ඝනකම සම

පුරුෂයන්ගේ ශරීරයේ ඇති ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය මගින් ඔවුන්ගේ සම කාන්තාවන්ගේ සමට සාපේක්ෂව 25%ක් පමණ ඝණකම වැඩි කරවනවා.

සමාන්‍යයෙන් පුරුෂයන්ගේ සමේ ඝනත්වය වයස්ගත වීමත් සමඟ ක්‍රමයෙන් අඩුවන නමුත් කාන්තාවන්ගේ සමෙහි ඝණකම ජීවිත කාලයේ වැඩි කාලයක් එක ලෙස පවතිනවා. එය ක්‍රමයෙන් අඩු වන්නේ ආර්තවහරණයෙන් පසුවයි.

07. ආදම්ගෙ ඇපල් ගෙඩිය හෙවත් උගුරු ඇටය

ඔබ කවදාවත් හිතලා තියෙනවද මේ උගුරු ගැටය තියෙන්නේ ඇයි කියලා හෝ කාන්තාවන්ට වඩා කැපී පෙනෙන ලෙස පිරිමින්ගේ මෙය පිහිටා තිබෙන්නේ ඇයි කියලා? කාන්තාවන්ගේ ගෙලෙහි දක්නට ලැබෙන්නේ තයරොයිඩ් කාටිලේජ වලින් සෑදුනු කුඩා නෙරුමක් පමණයි. එය ස්වර තන්තු ආරක්ෂා කිරීම පිණිසයි තියෙන්නේ.

ඒ වගේම පුද්ගලයන්ගේ කටහඬෙහි ඉහළ ස්වර වලට මෙම තයරොයිඩ් කාටිලේජය බලපානවා. පුරුෂයකුගේ නව යොවුන් වයසේදී ඔහුගේ ගෙලෙහි මෙම කොටසේ කාටිලේජවල වලයාකාර හැඩය බිඳ වැටෙන අතර ඒ මගින් උගුරු ඇටය නිර්මාණය වෙනවා. මෙයින් ඔවුන්ගේ කටහඬ වෙනස් වීමට ලක්වන අතර එයින් ඔවුන්ගේ කටහඬ ගැඹුර වැඩි වෙනවා.

08. වර්ණ සංජානනය

පිරිමින්ට සාමාන්‍යයෙන් කාන්තාවන්ට සාපේක්ෂව වර්ණ වල ප්‍රභේද හඳුනා ගත හැක්කේ අඩුවෙනුයි. එයට හේතුව පෙනෙනවාට වඩා සරලයි. වර්ණ සංජානනයට උපකාරී වන්නේ දෘෂ්ටි විතානයේ ඇති කෝණ සෛලයි. මෙම තොරතුරු අඩංගු වන්නේ X ක්‍රොමසෝමයේයි. කාන්තාවන්ට X ක්‍රෝමසෝම දෙකක් තිබෙන නිසා දෘෂ්ටි විතානයේ කෝණ සෛල ප්‍රමාණය සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා දෙගුණයකින් පමණ වැඩි වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *