දන්තාලේපවල අරුම පුදුම ප්‍රයෝජන 13 ක්

සාමාන්‍යයෙන් අපි දන්තාලේප පාවිච්චි කරන්නෙ අපේ දත් පිරිසිදුව තියාගන්නනේ. ඒත් දත් ලස්සනට හා පිරිසිදුව තියා ගන්න උදව් කරනවාට වඩා දන්තාලේපවලින් ගොඩක් ප්‍රයෝජන තියන බව ඔයා දැනගෙන හිටියද? දන්තාලේප නිවසින් බැහැර විවිධ කාර්යයන් සඳහා භාවිතා කරන්න පුලුවන් අරුම පුදුම නිෂ්පාදනයක් කියලා දැනගත්තම අපිත් පුදුමයට පත් වුණා.

ඉතින් අද අපි ඔයාට කියන්න යන්නේ දත් මදිනවාට අමතරව අප්ට දන්තාලේප ප්‍රයෝජනවත් වෙන්නෙ මොන වගේ වැඩවලටද කියලයි. මේවායින් සමහරක් ටිකක් අමුතුයි වගේ පෙනුණත් ඇත්තටම ඒවා නියමයි. ඔයත් උත්සාහ කරලා බලන්න!

01. අවපැහැ වුණු රිදී භාණ්ඩ වල මතුපිට දන්තාලේප ස්වල්පයකින් අතුල්ලන්න. රිදී භාණ්ඩවලට අලුත් පෙනුමක් ලබාගන්න.
02. දන්තාලේප මගින් ඔයාට කාර් හෙඩ්ලයිට් එකට සිනිඳු හා පිරිසිදු පෙනුමක් ලබා ගන්න පුලුවන්. නවීන දන්තාලේප වල තියන සංයෝග නිසා පිරිසිදු කිරීම හොඳින් ක්‍රියා කරනවා.
03. මිනිස් ඇඟිලි සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වීම නිසා පියානෝවක යතුරු ඉතා වේගයෙන් අපිරිසිදු වෙනවා. තෙත රෙදි කැබැල්ලක දන්තාලේප ස්වල්පයක් තියලා පියානෝවේ යතුරු පරෙස්සමින් පිරිසිදු කරන්න. ප්‍රතිඵලය ඔයාව පුදුමයට පත් කරයි.
04. Converse සපත්තු වගේ සුදු පාට පාවහන් වල අපිරිසිදු බව නැති කරන්නත් දන්තාලේපවලට පුලුවන්.
05. පිහිනීමට පාවිච්චි කරන ගොගල්ස් වල ඇතුළු පැත්තේ ඉතා සිහින් දන්තාලේප තට්ටුවක් ආලේප කරන්න. ටික වෙලාවක් තියලා සෝදන්න. මෙමගින් ගොගල්ස් ඇතුළේ වාශ්ප බැඳෙන එක නැති කරනවා.
06. මිනිත්තු කිහිපයකින් ලී මතුපිට තියන පැල්ලම් නැති කරගන්න නම් දන්තාලේප ටිකක් අරගෙන මතුපිට පිස දමන්න. හානිකර විරංජක රසායනික ද්‍රව්‍ය ඕන වෙන්නෙ නෑ.
07. ලිප්ස්ටික්, කමිසයක් මත හෝ මේස රෙද්දක් මත ගෑවුණු ස්පැගටි සෝස් වගේ ඇඳුම් මත තියන විවිධ පැල්ලම් ඉවත් කිරීමට දන්තාලේප වලට පුලුවන්. පැල්ලම උඩ දන්තාලේප ස්වල්පයක් ගාලා ටිකක් අතුල්ලන්න. සේදීමට පෙර ටික වෙලාවක් තියන්න. ඒත් වර්ණවත් ඇඳුම් සඳහා සුදු කිරීමේ දන්තාලේප භාවිතා කරන්න එපා.
08. ටැප් වල තියන පරණ බව ඇති කරන්නත් දන්තාලේප නියමයි. ඇත්තටම, ඕනෑම ක්‍රෝම් ආලේපිත මතුපිටක එය විශිෂ්ට ලෙස ක්‍රියා කරනවා.
09. අයන් එක පිරිසිදු කිරීමටත් දන්තාලේප පාවිච්චි කරන්න පුලුවන්.
10. ටෙම්පර්ඩ් ග්ලාස් එකක් හා බැක් කවර් එකක් නැති ස්මාර්ට් ෆෝන් එකක තිරය හා පසුපස පැත්ත ඉතා ඉක්මනින් සීරෙනවා. රෙදි කැබැල්ලකට දන්තාලේප ටිකක් දමා ඕනෑම සීරීමක් මත පරෙස්සමට අතුල්ලන්න. දැන් ඉතිරි දන්තාලේප ඉවත් කරලා තිරය වියළා ගන්න.
11. දන්තාලේප මගින් ඔයාගෙ නියපොතු පවා පිරිසිදු කරන්න පුලුවන්. දන්තාලේප ටිකක් නියපොතුවල ගාලා විනාඩි කිහිපයක් තියන්න. වතුරෙන් සෝදා හරින්න.
12. සුදුළූණු, ළූණු හා මාළු වගේ ගඳවල් අත්වලින් ඉවත් කරන එක හරිම අපහසුයි. ඒත් ඔයා දන්තාලේප ටිකකින් අත් සේදුවොත් ඉක්මනින්ම අත්වල ගඳ නැති වෙනවා.
13. දන්තාලේප වලින් කොන්ඩමයක් පුරවා එහි කෙලවර තදින් බැඳ තබන්න. මෙමගින් ඔයාට ආතතිය නැති කරන බෝලයක් ලබා ගන්න පුලුවන්. ඔයාට කැමති විදියට සියල්ල මිරිකා ආතතිය නැති කරගන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *