ට්‍රිප් එකක් යනවනම් අනිවා දැනගතයුතු කරුණු 20 ක්

ගමනක් යනකොට, අපි හැමෝටම ඕන වෙන්නෙ කිසිම දෙයක් අමතක නොකර හරියටම ගමන ප්ලෑන් කරගන්නනේ. ඒ වගේම කාලය, මුදල් හා ශක්තිය නාස්ති කරගන්නෙ නැතුව ට්‍රිප් එක ගිහින් විනෝදවෙන්න අපි හැමෝම කැමතියි.

ඕනෑම ට්‍රිප් එකක් සඳහා ගොඩාක් ප්‍රයෝජනවත් හා අනවශ්‍ය කරදරවලින් මිදීමට උපකාරී වන වැදගත් තොරතුරු කිහිපයක් තමයි අද අපි ඔයාට කියලා දෙන්නේ.

01. මදුරුවන්ගෙන් ආරක්ෂාවීමට ගින්දරට අග්ගිස් දමන්න.

කඳු නගින්න කැමති අයට නම් මේක ගොඩාක් ප්‍රයෝජනවත්. ඔයාට කරන්න තියෙන්නෙ කළ යුත්තේ මිටි අග්ගිස් කොළ ගින්දරට එකතු කරන එක විතරයි. මදුරුවො ඔයා ඉන්න පැත්තකටවත් එන එකක් නෑ.

02. අක්ෂි කාච දමන කුඩා ඩප්පිවල ක්‍රීම්, ෂැම්පු ගබඩා කරගන්න.

ඔයා අක්ෂි කාච පළඳින්නෙ නැති වුණත්, ඔයා පාවිච්චි කරන ක්‍රීම් වර්ග දවස් කිහිපයකට ඇති වෙන්න ගබඩා කරගන්න මේ පොඩි ඩප්පි ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ලොකු ක්‍රීම් බෝතල් මගින් ඔයාගෙ බෑග් වල ඉඩ ඇහිරෙනවා. ඒ නිසා පොඩි ඉඩක් විතරක් අයිති කරගන්න ඩප්පි මගින් ක්‍රීම් විතරක් නෙවෙයි, ෂැම්පු, දන්තාලේප වුණත් පහසුවෙන් අරගෙන යන්න පුලුවන්.

03. චලනය වනවිට ඇතිවන අසනීප වළක්වා ගැනීම සඳහා බේ කොළයක් භාවිත කරන්න.

ගුවන් යානයක, මෝටර් රථයක හෝ දුම්රියක ගමනක් අතරතුරදී ඔයාට අසනීප ගතියක් දැනෙනවා නම්හොඳම විසඳුම තමයි බේ කොලයක් දිව යටින් තියාගන්න එක. එහි රසය ගැන කරදර වෙන්න එපා. ඔයාගෙ අසනීප ගතිය ඉක්මනින් නැති වෙලා යයි.

04. ස්වර්ණාභරණ ගබඩා කිරීම සඳහා පෙට්ටියක් තබාගන්න.

ආභරණ සඳහා හොඳම බහාලුම විදියට පෙට්ටියක් පාවිච්චි කරන්න. එමගින් අවම ඉඩ ප්‍රමාණයක් අයිති කරගන්න අතරම උපරිම පහසුවක් ලබා දෙනවා. ඔයාගෙ මාල, බ්‍රේස්ලට් තා කරාබු වගේ ස්වර්ණාභරණ පිළිවෙළට අසුරගන්න මේ පෙට්ටිය ගොඩක් වටිනවා.

05. බොබී අල්පෙනති තැබීමට ටික් ටැක් පෙට්ටියක් යොදාගන්න.

ට්‍රිප් එක ගෙනියන බෑග් එකේ බොබී අල්පෙනෙති හා කොණ්ඩ කටු නැතිවෙන්නෙ නැතිව තියාගන්න නම් පොඩි ටික් ටැක් පෙට්ටියක් පාවිච්චි කරන්න.

06. ඇඳුම් පොඩිවෙන්නෙ නැති විදියට සූට්කේස් එකේ අහුරන්නේ මෙහෙමයි.

ඔයාගෙ ඇඳුම් සූට්කේස් එකක රැළි වැටීම වැළැක්වීම සඳහා, ඒවා නැවීම වෙනුවට රෝල් කරලා තියන්න. ඒවා දිගහැරෙන්නෙ නැතිවෙන්න හැම රෝල් එකක්ම රබර් පටියකින් බඳින්න.

07. ගෙදර අමතර යතුරක් කොහේහරි හංගලා තියන්න.

දොරකඩ යට හෝ දොර හිස මත තබනවා වෙනුවට ගෙදර අමතර යතුර කාටවත් හොයාගන්න බැරි විදියට තියලා යන්න ක්‍රමයක් තමයි මේ. යතුර පොඩි පෙට්ටියක දමා එහි පියනෙහි ගලක් අලවන්න. ඉන්පසු ඔයාගෙ ගෙදර ලඟ තියන මල් පාත්තියක හෝ පැලෑටි බඳුනක කුඩා සිදුරක් හාරා පෙට්ටිය එහි ඇතුළෙන් තියන්න. දැන් ඒ දිහා බලන ඕනම කෙනෙක්ට පේන්නෙ ගලක් විතරයි.

08. සීබී රේඩියෝව

ඔයා වැඩිපුරම කාර් එකෙන් ට්‍රැවල් කරනවා නම්, අනිත් රියදුරන් එක්ක සන්නිවේදනය කිරීම සඳහා විශේෂ රේඩියෝවක් මිලදී ගන්න පුලුවන්. දුෂ්කර තත්වයකදී ඔවුන් ඔයාට උදව් කරයි. ඒ වගේම මාර්ග තදබදය, වලවල් හා ආහාර ගැන පවා අවශ්‍ය සියලු තොරතුරු දැනගන්නත් ඔයාට උදව් වෙනවා.

09. පිරිසිදු කිරීමට විසඳුමක්

ඔයා උයන්න පාවිච්චි කරන මුළුතැන්ගෙයි උපකරණ ෆොයිල් කඩදාසිවලින් ආවරණය කරන්න. එමගින් ඔයාට උපකරණ පිරිසිදු කරන කරදරෙන් මිදෙන්න පුලුවන්. ඒ වගේම එය නිසි ලෙස තාපය බෙදා හැරීමත් උපකාරී වෙනවා.

10. පොප්කෝන් හදන ලේසිම ක්‍රමය

පොප්කෝන් පිසීමේ අතිශය පහසු හා අසාමාන්‍ය ක්‍රමයක් තමයි මේ. ඉවත දැමිය හැකි ෆොයිල් පෑන් එකක් අරගෙන ඒකට එළවළු තෙල් ස්වල්පයක් හා පොප්කෝන් ඇට කෝප්ප කාලක් එකතු කරන්න. දැන් පෑන් එක ෆොයිල් කඩදාසිවලින් ආවරණය කරන්න. විනාඩි 8 ක් පමණ අධික තාපයේ ඉරිඟු ඇට පොප් වීම නතර වන තුරු සොලවමින් ෆ්‍රයි කරගන්න.

11. සපත්තු පිරිසිදුව තබා ගන්න

ඔයාගෙ සපත්තු ඇලෙන සුළු බර්සර් හා වෙනත් දේවලින් බේරා ගැනීම සඳහා, කැලේට යන්න කලින් ඔයාගෙ සපත්තු පැරෆින් ඉටි වලින් පිස දමන්න.

12. ගින්නක් තුළ චිප්ස්

චිප්ස්වලට ගිනි තබා අතු කිහිපයක් අතර තබන්න.

13. ට්‍රක් රථ අනුගමනය කරන්න

ඔයා කෑම කන්න පාර අයිනේ නවත්වනවා නම් ට්‍රක් රථ කිහිපයක් නවත්වලා තියන තැනක් තෝරගන්න. සාමාන්‍යයෙන් ට්‍රක් රථ රියදුරන් එයාලා අත්දැකීමෙන් දන්න තැන්වල තමයි කෑම කන්න නවත්තන්නෙ.

14. හමුවන ආගන්තුක අය සමඟ සෙල්ෆි ගන්න.

ඔයා හිච්හයික් කරන්න තීරණය කරනවා නම්, හැම විටම ඔයාව ආරක්ෂා කර ගැනීමට මුල් තැන දෙන්න. ඔයා නොදන්න කෙනෙක්ගෙ මෝටර් රථයකට නැග්ගේ නම්, ඔහුගේ ගමන්, විනෝදාංශ හෝ වෙනත් දෙයක් ගැන ඔහු එක්ක කතා කරන්න. ඔහු සමග පින්තූර අරගෙන ඒවා සමාජ ජාලාල පළ කරන්නත් අමතක කරන්න එපා.

15. “OK maps” භාවිත කරන්න.

OK maps මගින් ගූගල් මැප්වල පෙන්වන මාර්ගය සේව් කරගන්නවා. එතකොට ඔයාට ඩේටා ඔන් කරන්නෙ නැතුව වුණත් පාර හොයාගන්න පුලුවන්. සර්ච් බාර් එකේ OK maps කියලා සර්ච් කරන්න. එතකොට ගූගල් එක ඔයා වෙනුවෙන් ඉතිරි දේ කරයි.

16. ජැකට් එක එහි හුඩ් එක අතුළට දමන්න.

ඔයාගෙ ජැකට්ටුව රැගෙන යාමට මේක හරිම පහසු ක්‍රමයක්. මේ ආකාරයට නැවීම නිසා ජැකට් එක බෑග් එකේ අඩු ඉඩක් ගන්නවා. ඕනෙනම් සුව පහසු කොට්ටයක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන්.

17. කැසීම සුව කිරීම සඳහා ඩියෝඩ්‍රන්ට් භාවිත කරන්න.

මදුරුවන් දෂ්ට කිරීමෙන් ඇතිවන කැසීම නැවැත්වීමට නම්, ඩියෝඩ්‍රන්ට් ටිකක් අරගෙන මදුරුවන් දෂ්ට කරපු තැන්වලට උඩින් ගාලා හොඳින් අතගාන්න.

18. ප්‍රවේසමෙන් ඇඳුම් අසුරන්න.

ඔයාගෙ ඇඳුම් පිරිසිදුව තබා ගැනීමට හා ඒවාට සූට්කේසයේ සුවඳ අවශෝෂණය නොකිරීමට නම්, සූට්කේසයේ පතුල හා පැති විෂබීජ නාශකවලින් පිස දමන්න.

19. ගුවන් යානයක වෙනස් ආහාර වේලක්

ගොඩක් ගුවන් සමාගම් තම මගීන්ට විවිධ ආහාර වර්ග ලබා දීමට සූදානමින් ඉන්නවා. ඔයාට කැමති විදියට නිර්මාංශ, කොෂර්, හලාල්, හින්දු හා ලෙන්ටන් ආහාර වේලක් තෝරා ගන්න පුලුවන්. කැමති නම් අලුත් දෙයක් උත්සාහ කරලා බලන්න. මොකද ඔයාගෙන් මේවට අමතර මුදලක් අය කරන්නෙ නෑ. ඒත් ගුවන් ගමනට අඩුම තරමේ පැය 72 කට කලින් ඔයා ආහාර වර්ගය තෝරා ගන්න ඕන.

20. ‘බිඳෙනසුලු’ ස්ටිකර්

ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය මේ ස්ටිකර් අලවලා තියන ගමන් මලු ගොඩක් ප්‍රවේශමෙන් ප්‍රවාහනය කරනවා. ඒ වගේම ඒ ගමන් මලු තමයි එයාලා මුලින්ම ගොඩබස්සන්නෙ. පිළිගැනීමේ මේසයෙන් ඔයාට මේ ස්ටිකරයක් ඉල්ලගන්න පුලුවන්. දැන් ඔයාට ඔයාගෙ ගමන් මලු වල ආරක්ෂාව ගැන කරදර වෙන්න ඕන නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *