ජනප්‍රිය වීමට භාවිතා කරන ලද හාස්‍යජනක විලාසිතා ට්‍රෙන්ඩ් 11 ක්

අපි අතරින් සමහර අය කාලෙන් කාලෙට එන අලුත් විලාසිතා ප්‍රවණතා අනුගමනය කරනවා. තවත් සමහරු විලාසිතා ප්‍රවණතා අනුගමනය කරන්නෙ නෑ. ඒත් මේ අලුත් ප්‍රවණතා කොයිතරම් කාලයක් සමාජය තුළ පවතීවිද කියලා නම් කාටවත් කියන්න බෑ.

අද අපි ඔයාඅ අරගෙන ආවෙ පැරණි කාලෙ තිබුණු විලාසිතා ක්‍රම කිහිපයක්. මේවා දැන් දකිද්දි නම් අපට හිනා යනවා. සමහර විලාසිතාවල හරිම විහිලුකාර පෙනුමක් දකින්න ලැබෙනවා.

11. මුලට් කොණ්ඩා මෝස්තරය

මේ කොණ්ඩ මෝස්තරයේ ඉස්සරහින් ව්‍යාපාරික පෙනුමක් ලබා දෙන අතර පිටුපසින් පාටියකට සුදුසු පෙනුමක් ලනාදෙනවා. අසූව දශකයේ කාන්තාවන් හා පිරිමින් යන දෙගොල්ලන්ම මේ විලාසිතාව අනුගමනය කලා. ජෝන් ට්‍රැවොල්ටා, අල් පැසිනෝ, බිලී රේ සයිරස් හා චාලි ෂීන් වගේ ප්‍රසිද්ධ පුද්ගලයින් පවා මේ කොණ්ඩා මෝස්තරය අනුගමනය කරනු ලැබුවා.

10. අනූව දශකයේ ට්‍රිබල් ටැටූ

පැහැදිලි හා ඒකාකාරී රටාවක් තියන ට්‍රිබල් ටැටූ 90 දශකයේ ඉතා ජනප්‍රිය වුණා. ෆ්‍රොම් ඩස්ක් ටිල් ඩෝන් චිත්‍රපටයේ ජෝර්ජ් ක්ලූනි පවා ඔහුගේ බෙල්ලේ මේ පච්චයක් ඇඳ සිටියා. මුලදී, මේ පච්ච විලාසිතාව යුරෝපයට අරගෙන ආවේ පොලිනීසියාවේ නැවියන් විසින්.

09. දෙදාස් ගණන්වල සිහින් ඇහි බැම

ඉතාමත් සිහින් ඇහි බැම විසිවන සියවස ආරම්භයේ දී ජනප්‍රිය වුණා. මේ විලාසිතාව ක්‍රිස්ටිනා ඇගිලේරා, ඩ්‍රිව් බැරිමෝර් හා ග්වෙන් ස්ටෙෆානි වගේ ප්‍රසිද්ධ අය පවා අනුගමනය කලා.

08. දීප්තිමත්, වර්ණවත් මේකප්

අසූව දශකයේ දී, විලාසිතා ශිල්පීන් ඇඳුම් අත්හදා බැලීම් විතරක් නෙවෙයි අලුත් අලුත් මේකප් අත්හදා බැලීමුත් සිදුකලා. රළු කම්මුල් හා ඇස් නිල් හෝ කොළ පාටවලින් ශේඩ් කිරීම වැඩිපුර දකින්න ලැබුණා.

07. දෙදාස් ගණන්වල තල්මසුන්ගේ වලිගය

මීට වසර 5-8 කට පෙර, යට ඇඳුම පෙනෙන ආකාරයට ඉණ පහළින් තියන කලිසම් ඇඳීමේ විලාසිතාවක් තිබුණා. ඒක ඒ කාලයේ ට්‍රෙන්ඩ් එක විදියට සැලකුවත් දැන් වෙනකොට එය අමුතු හා අසභ්‍ය ලෙස පෙනෙනවා.

06. අසූව දශකයේ ස්පෝර්ට් ස්ටයිල්

අසූව දශකයේ ස්පෝර්ට් ස්ටයිල් එක ගොඩක් ජනප්‍රිය වුණා.

05. අසූව දශකයේ පිළිස්සුණු හිසකෙස් හා බුෆන්ට්

බුෆන්ට් කියන්නෙ අසූව දශකයේ වෙනම අමුතු ප්‍රවණතාවක්. අද වෙනකිට මේ කොණ්ඩා මෝස්තර දුටුවිට විහිළුකාර ස්වරූපයක් පේනවා. ඒත් අසූව දශකයේ දී එය විලාසිතා ශිල්පීන් අතර ට්‍රෙන්ඩ් එකක් බවට පත්වෙලා තිබුණා. .

04. අසූව දශකයේ ඉලාස්ටික් බෑන්ඩ් සහ ප්ලාස්ටික් කරාබු

මේ අමුතු ඉලාස්ටික් පටි හා ප්ලාස්ටික් කරාබු අසූව දශකයේදී පුදුමාකාර විදියට ජනප්‍රිය වුණා. අද, මේ ක්‍රමය අමුතු එකක් වුණත් අපේ අම්මලාගේ කාලයේ මේක තමයි ට්‍රෙන්ඩ් එක.

03. 2010 දී ස්ලිම් ජීන්ස්

ස්ලිම් ජීන්ස් මගින් ගැහැනු ළමයින්ට හොඳ පෙනුමක් ලබා දෙනවා. ඒත් ඒ වගේ කාන්තා විලාසිතාවන් පිරිමින් අනුගමනය කරනකොට ඒක නම් එතරම් ගැලපෙන දෙයක් නෙවෙයි.

02. 2010 ගණන්වල වළලුකර විවෘත වුණු ඇඳුම්
© pikabu

නිරුවත් වළලුකර 2010 කාලයේ තිබුණු තවත් ට්‍රෙන්ඩ් එකක්. ශීත කාලයේදී එයින් අමුතු හා විනෝදජනක පෙනුමක් ඇති කලා.

01. හැටවන දශකයේ විශාල බුෆන්ට්

මී මැස්සන් කියලා හඳුන්වන මේ විලාසිතාවේ කොණ්ඩා මෝස්තර හැට ගණන්වලදී ගොඩක් ජනප්‍රිය වුණා. මේ විලාසිතාවේ ප්‍රධාන ලක්ෂණය තමයි ඔලුවට වඩා කොණ්ඩය විශාල වීම. සමහර විට මේ විලාසිතාවට පැය ගණනක් ගත වෙලත් තියනවා.

වැදගත්:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *