ගුවන්තොටුපළ ආරක්ෂකයන්ට හසු වී ඇති අමුතුම ආකාරයේ දේවල් 9ක්

අපි දන්නවා ගුවන්තොටුපළ ආරක්ෂක අංශය කියන්නේ හරිම උපයාත්මක, ක්‍රියාශීලී අංශයක් ද කියලා. සෑම රටකම පාහේ ගුවන්තොටුපළ ආරක්ෂක අංශය එම නීති හා රෙගුලාසි ඉතා තදින් ක්‍රියාත්මක කරනවා.

ගුවන් යානයක මගියෙක් විදියට ගමන් ගන්නා ඕනම අයෙක්ට රටකින් තවත් රටකට රැගෙන යන්න අවසර තිබෙන භාණ්ඩ වර්ග හා ප්‍රමාණයන් තිබෙනවා. එම සීමාවන් ඉක්මවා යමින් නිතීවිරෝධි දේවල් තමන් සන්තකයේ සඟවා ගෙන ගුවන්තොටුපළ ආරක්ෂක අංශයට හසු වූ අවස්ථා ඕනෑතරම් අපි අහලා තියෙනවා. අද අපි ඔයාලට අරගෙන එන්නේ ගුවන්තොටුපළ ආරක්ෂක අංශයට හසු වී ඇති අමුතුම ආකරයේ දේවල් 10ක් පීලිබඳවයි.

01. මැරුණු සර්පයන්

මෙය සිදුවී තිබෙන්නේ වසර 2007 දී, අත්ලාන්තික් ජාත්‍යයන්තර ගුවන්තොටුපළේ දී ය. දකුණු කොරියාවේ සිට පැමිණි ගුවන් මගියෙකුගේ සූට් කේසයක් තුළ මැරුණු විසකුරු සර්පයන් දැමූ බෝතල් හමු වී තිබෙනවා. නමුත් මේවා ගෙන ඒමේ අරමුණ හෙළිදරව් වී නැහැ.

02. කාලතුවක්කුවලට දමන දමන කැනන් බෝලයක්

මේකනම් හරිම අහිංසක සිද්ධියක්. එක් ගවේෂක කිමිදුම්කරුවෙකුට, අහම්බෙන් මුහුද පත්ලේ තිබී 18වන ශත වර්ශයේ නැවක සුන්බුන් අතර තිබී කාලතුවක්කු වලට දමන කැනන් බෝලයක් හමු වී තිබෙනවා. මොහු මෙය පරීක්ෂා කිරීම සදහා තමන්ගේ ගමන් මළුවක දමාගෙන තමන්ගේ රටට රැගෙන යාමට උත්සහ කරන විට ගුවන්තොටුපළ ආරක්ෂකයන් විසින් මෙය අනතුරුදායක බව සිතා අඩංගුවට ගන්නවා. මෙය සිදු කිරීමේදී මගින් 300ක් පමණ එම ස්ථානයෙන් ඉවත් කොට තිබෙනවා.

03. අයිෆෝන් ඇඳුමක්
https://twitter.com/ChuBailiang

මෙය 2014 දී චීනයේදී සිදු වී තිබෙනවා. එක් පුද්ගලයෙක් ගුවන් තොටුපළෙන් එළියට යාමේදී, ලෝහ හදුනගන්නා යන්ත්‍රය වහා අක්‍රීය වීමත් සමග ගුවන්තොටුපළ ආරක්ෂක අංශය ක්‍රියාත්මක වී ඔහුව පරීක්ෂා කරනවා. මොහු ගේ ඇඟ වටා ඔතා තිබුණු අයි ෆෝන් 94ක් සොයාගෙන තිබෙනවා.

04. දිවි මකුළුවන්
© imgur.com

ඈම්ස්ටර්ඩෑම් ෂිප්හෝල් ගුවන් තොටුපළේ ආරක්ෂකයන්ට ජර්මානු ජාතික යුවළක් සතුව තිබී ටැරන්ටුලස් වර්ගයේ දිවි මකුළුවන් 200ක් හමු වී තිබෙනවා. මොවුන් දකුණු අප්‍රිකාවේ සංචාරයක සිට ආපසු පැමින තිබෙනවා.

05. ඩොලර් මිලියන 1.2ක් වටිනා රත්තරන් බාර්

මුම්බායි සිට බැංකොක් දක්වා යන ගුවන් යානයක් පිරිසිදු කිරීමේදී එහි වැසිකිලියේ තිබී මෙය හමු වී තිබෙනවා.

06. මාළු
© Australian Customs Service

2005 දී මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරක්ෂක අංශයට කාන්තාවක් තම ඇඳුම තුළ නිවර්තන කලාපීය මාළු 51 සඟවා ගෙන ඒමේ දී හසු වී තිබෙනවා.

07. අත් බෝම්බ

එක් මගියෙක් ග්‍රේනේඩ් අත් බෝම්බ 4ක් සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.

08. චැස්ටිටි බෙල්ට්

මෙය වරදක් නොවුනත් එම අපූරූ චැස්ටිටි බෙල්ට් එක පැළඳ ගෙන එන කාන්තාවක් ගුවන්තොටුපළ ආරක්ෂක අංශය හඳුනා ගෙන තිබෙනවා.

09. අවුරුදු 08ක ළමයෙක්

‌මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට සූට් කේසයක් තුළ දමාගෙන යන අවුරුදු 08ක් වයසැති අයිවෝරියානු ළමයෙකු ගුවන් තොටුපළ ආරක්ෂක අංශය විසින් සොයාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *