ගුවන්තොටුපල ආරක්ෂක අංශය විසින් සොයාගත් අමුතුම දේවල් 10 ක්

ගුවන් ගමනක යෙදෙන මගීන්ගේ ආරක්ෂාව ගැන වගකියන පිරිස තමයි ගුවන්තොටුපල ආරක්ෂක අංශය කියන්නෙ. එහි දැඩි නීති රීති තියනවා. දියුණු තාක්ෂණික උපකරණ පාවිච්චි කරලා ගුවන්තොටුපලේ ආරක්ෂාව ගැන ඔවුන් හොයලා බලනවා.

දේශ සීමාව හරහා මිනිසුන් ජාවාරම් කිරීම වගේ දේවල් ගුවන්තොටුපල හරහා සිදුවෙනවා. ඒ වගේම ගුවන් ගමන් මගින් එක එක දේවල් ජාවාරම් කරන්නත් ජාවාරම්කරුවන් උත්සාහ කරනවා. මේ දේවල් හොයාගන්න ගුවන් තොටුපල අරක්ෂක අංශයෙන් ලොකු උදව්වක් ලැබෙනවා. ඉතින් අද අපි ඔයාට පෙන්නන්න යන්නෙ ගුවන් තොටුපල ආරක්ෂක අංශයෙන් සොයාගත් පුදුම හිතෙන දේවල් කිහිපයක්.

10. මැරුණු සර්පයන්

මේක 2007 දී ඇට්ලන්ටා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සිදුවුණු සිදුවීමක්. දකුණු කොරියාවෙන් පැමිණි පුද්ගලයෙක්ගේ සූට්කේස් එක මැරුණු විෂ සහිත සර්පයන්ගෙන් පිරී තිබුණා. ඔහු මේ මියගිය සර්පයන් මොන හේතුවකට සූට්කෙස් එකේ දාගෙන ආවද කියලා නම් කිසිම තොරතුරක් ලැබුණේ නෑ.

09. කාලතුවක්කු බෝල

මේක 18 වන සියවසේදී නැවක සුන්බුන් ගවේෂණය කරමින් ඉන්නකොට අහම්බෙන් පැරණි කාලතුවක්කු බෝලයක් හොයාගෙන යතමන්ගෙ ගමන් මලු පරීක්ෂා කිරීමට තීරණය කරපු කිමිදුම්කරුවකුගේ කතාවක්. මේවා භයානක පුපුරන ද්‍රව්‍යයක් නිසා මගීන් තුන්සියයක් විතර යානයෙන් ඉවත් කරන්නත් ආරක්ෂක අංශයට සිදුවුණා. භයානක හා සමහර විට පුපුරන සුලු යැයි

08. ශරීරය පුරාම අයිෆෝන්

මේක සිදු වුණේ 2014 දී චීනයේයි. ගුවන්තොටුපලේ ලෝහ වර්ග හඳුනා ගැනීමේ යන්ත්‍රයට අහුවුණු තවත් දෙයක් තමයි මේ. පරීක්ෂා කිරීමේදී ගුවන් තොටුපල ආරක්ෂක අංශයට අමුතු දෙයක් දැකගන්න ලැබුණා. මේ පුද්ගලයාගේ සිරුරේ අයිෆෝන් 94 ක් සඟවා තිබුණා. මේවා වැඩි මිලකට විකුණන්න තිබුණු ඒවා බවත් හොයාගන්න පුලුවන් වුණා.

07. ටැරන්ටුලස් මකුළුවන් 200 ක්

ඇම්ස්ටර්ඩෑම් හි ෂිපෝල් ගුවන්තොටුපලේ ආරක්ෂක නිලධාරීන් විසින් ජර්මානු යුවළකගේ බෑගයක් පරීක්ෂා කලා. බෑග් එක ඇතුළේ තිබුණු දෙයින් එයාලත් පුදුමයට පත් වුණා. දකුණු ඇමරිකාවට ගිය ඔවුන් දෙදෙනාගේ ගෙදර ගෙන යන බෑග් ඇතුළේ තිබිලා දුර්ලභ ටැරන්ටුලස් මකුළුවන් සහිත බෑග් 200 ක් හොයාගන්න ලැබුණා.

06. ඩොලර් මිලියන 1.2 ක රන් බාර්

මේවා හොයාගන්න ලැබුණේ මුම්බායි සිට බැංකොක් දක්වා ගමන් කරන ගුවන් යානයක් පිරිසිදු කරන විටයි. ගුවන් යානයේ නාන කාමරයේ තිබී රන් බාර් 24 ක් හමුවුණා. කොහොම වුණත් මේක එතරම් පුදුම වෙන්න දෙයක් වුණේ නෑ. ඒකට හේතුව තමයි ඉන්දියාව කියන්නෙ ලෝකයේ විශාලතම රන් පාරිභෝගිකයා වීම හා එහි රන් ජාවාරම බහුලව පැවතීමයි.

05. මාළු 51 ක්

2005 දී මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ආරක්ෂක නිලධාරියෙකු කාන්තාවකගේ සායක් අමුතු විදියට සෙලවෙනවා දැකලා තියනවා. ඒ නිසා ඇයව පරීක්ෂා කිරීමට තීරණය කලා. එහිදී, ඇය තමන්ගේ සාය යට සඟවා ජාවාරම් කිරීමර අරගෙන ගිය තිබූ නිවර්තන මාළු 51 ක් සොයාගන්න ලැබුණා.

04. ලිප්ස්ටික් ස්ටන් තුවක්කුව

වර්මොන්ට් හි කාන්තාවකගේ බෑගයක තිබී සැක හිතෙන අමුතු ලිප්ස්ටික් එකක් හොයාගත්තා. ඒක හොඳින් පරීක්ෂා කර බැලීමේදී හොයාගන්න ලැබුණේ මේ ලිප්ස්ටික් එක රූපලාවණ්‍ය ආලේපනයක් නොවන බවයි. ඇත්තටම ඒක වෝල්ට් 350,000 ක ස්ටන් තුවක්කුවක්.

03. අත්බෝම්බ 4 ක්

මගියෙකු තමන්ගේ බෑගයේ අත්බෝම්බ 4 ක් සමඟ ගුවන් යානයකට නැගීමට උත්සාහ කරලා තිබුණා. ගුවන් යානයේ ගමන් කරන හැම දෙනාගේම ආරක්ෂාව තහවුරු කරන එක ගුවන් යානා ආරක්ෂක අංශයේ වගකීමක්. ඔවුන්විසින් කරපු පරීක්ෂා කිරීමකදී මේ අත්බෝම්බ 4 සොයාගන්න පුකුවන් වුණා. ඒ වගේම ඒවා අරගෙන ගිය පුද්ගලයාව අත්අඩංගුවට ගනු ලැබුවා.

02. ආරක්ෂක පටිය

මේ තැනැත්තියට අපරාධ හෝ ජාවාරම් සමඟ කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ. ඒක ඇත්තටම වෙනත් හේතුවක්. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ඇතන්ස්හි ගුවන් තොටුපලේදී ලෝහ වර්ග හඳුනා ගැනීමේ යන්ත්‍රය හරහා ගමන් කරන විට එහිදී නතර කරගනු ලැබුවා. ඇය නිවාඩු කාලය තුළ තම ස්වාමිපුරුෂයාට විශ්වාසනීය සහතිකයක් ලෙස මේ පටියක් ඇඳ සිටි බව පැහැදිලි වුණා.

01. වයස අටක පිරිමි ළමයා

වයස අටක පිරිමි ළමයෙක්ව ස්පාඥ්ඥයේ සිට මොරොක්කෝව දක්වා හොරෙන් අරගෙන යන්න හදනකොට ගුවන් තොටුපොළ ආරක්ෂක අංශය විසින් සොයාගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *