කැමතිම මතක අලුත් කරගත් පින්තූර 20 ක්

“මතක” කියන්නෙ හරිම ලස්සන වචනයක් නේද? අපි හැමෝටම එක එක මතක තියනවා. සමහර ඒවා අපි මතක් කරන්නවත් කැමති නැති අමිහිරි මතක. තවත් සමහර ඒවා අපි මතක් කර කර රස විඳින්න කැමති හරිම ලස්සන මිහිරි මතක. අතීත මතක අලුත් කරගන්න අපිට උදව් වෙන හොඳම දේ තමයි ඡායාරූප කියන්නෙ. අපේ ළමා කාලය වගේ අපි ජීවිතේ ගත කරපු ලස්සනම කාලවල මතකයන් එකතු කරලා ඇල්බම් හදාගෙන ඉන්නෙත් ඒකයි. තවත් සමහර අය මේ ලස්සන මතක අලුත් කරගන්න එයාලගෙ ශක්තිය හා නිර්මාණශීලී අදහස් යොදවනවා.

අපි අපි ඔයාට පෙන්වන්න යන්නෙ මේ වගේ ලස්සන අවස්ථාවලදි සිහිවටනයක් විදියට ලබා ගත් පින්තූර හා එදා සහ අද ඒ අයගෙ පෙනුම පෙන්වන පින්තූර කිහිපයක එකතුවක්.

01. “අම්මයි දුවයි එකම ඇඳුමක් ඇඳලා එයාලගෙ තුන්වෙනි උපන්දිනයේදී ලබාගත් පින්තූර දෙකක්”
02. 2002 දී අම්මගේ උපාධි ප්‍රදානෝත්සවයේදී දුවව අල්ලගෙන ගත්ත පින්තූරයක් සහ 2020 දී දුවගේ උපාධි ප්‍රදානෝත්සවයේදීත් අම්මා ඒ විදියටම දුවව අල්ලගෙන ඉන්න පින්තූරයක්.
03. 1980 දි සහ 2020 දි මකුළුවෙක් සමග සෙල්ලම් කිරීම
04. “මගේ සහෝදරයන් සහ මම”
05. “පියවරුන්ගේ දිනයේදී මතක සටහනක් ලෙස, මම තාත්තා ඇම්ස්ටර්ඩෑම් වෙත ගිය ගමනකදී ගත් ඡායාරූප කිහිපයක් නැවත නිර්මාණය කළා.”
06. “පූස් පැටවා පූසෙක් වීම සහ ළදරුවා පොඩි ළමයෙක් වීම”
07. “අවුරුදු 20 කට කලින් ගත් පින්තූරයක් මගේ සහෝදරයා එක්ක එකතු වෙලා ආයෙත් නිර්මාණය කළා!”
08. විවාහයෙන් වසර 17 කර පසු අපේ කැමතිම මංගල පින්තූරයක් නැවත ප්‍රතිනිර්මාණය කළා.
09. “මගේ හැටවන උපන්දිනයට මට ඕණ වුණේ එච්චරයි”
10. “අවුරුදු 16 කට පසු අපේ පින්තූර ප්‍රතිනිර්මාණය කරන මම සහ මගේ ඥාති සහෝදරියන්”
11. “1971 දී මගේ තාත්තයි මමයි සහ 2011 දී මමයි මගේ පුතයි – එකම ෂර්ට් එක ඇඳගෙන!”
12. ඇත්තටම ඒ හිනාව එක වගේමයි.
13.“ෆ්ලොරිඩාවේ ගේටර්ලන්ඩ් සත්ව උද්‍යානය”
14. “අපේ පුතාගෙ 18 වන උපන්දිනයට ඔහුගේ පළමු උපන්දිනයේදී ගත් ඡායාරූපයක් ප්‍රතිනිර්මාණය කළා”
15. “1961 අප්‍රියෙල් 5 දී හා 2021 අප්‍රියෙල් 5 දී මගේ ආච්චියි සීයයි ”
16. “අවුරුදු 12 කට පසු මමයි මගේ සුරතල් පූසයි”
17. “අවුරුදු 22 කින් ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්. ඒත් සමහර දේවල් එහෙමමයි.”
18. “එක්කෙනෙක් අනිත් අයට වඩා ගොඩක් වෙනස් වෙලා.”
19. “අවුරුදු 18 ක් හොඳම මිතුරන් වුණු අපි, වයස අවුරුදු 5 දී හා 23 දී”
20. “අපේ විසිවන විවාහ සංවත්සරය”
21. “මගේ ලස්සන අම්මා, දකුණු පැත්තේ මගේ දුව එක්ක සහ වම් පැත්තේ මාත් එක්ක”
22. “1997 සහ 2020 දී”
“අන්තිමට මම ඒක ප්‍රතිනිර්මාණය කළා!”

ඔයත් මේ වගේ ඔයාගෙ මතක අලුත් කරගන්න කැමතිද? ඔයාගෙ අදහස් හා පින්තූර අපිත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *