ඕනම කෙනෙක්ට බය හිතෙන පින්තූර 10 ක්

අද්භූත සිදුවීම් ගැන උනන්දුවක් දක්වන අය ඕනතරම් ඉන්නවා. ඒත් සමහර අය අත්භූත දේවල් විශ්වාස කරන අතර තවත් සමහර අය ඒවා විශ්වාස කරන්නෙ නෑ. ඒත් සමහර සරල පින්තූර මගින් අපිව ගොඩක් බය කරන්න පුලුවන් කියලා නම් පිළිගන්නම වෙනවා.

අද අපි ඔයාට අරගෙන ආවෙ තවමත් විසඳගන්න බැරි අභිරහස් බවට පත් වුණු සිදුවීම් කිහිපයක්. බලන්නකෝ ඔයාටවත් මේවා විසඳන්න පුලුවන්ද කියලා.

01.

කූපර් පවුලේ අභිරහස තාමත් විසඳිලා නෑ. මේ ඡායාරූපය ගනු ලැබුවේ ටෙක්සාස් හි ඔවුන්ගේ අලුත් නිවසේ තිබුණු උත්සවයකදීය. ඡායාරූපය ගත්ත වෙලාවෙදි, පවුලේ අය අසාමාන්‍ය දෙයක් දැක්කෙ නෑ. ඒත් කවුරුහරි කෙනෙක් සිවිලිමෙන් වැටෙනවා කියලා නම් හොඳටම පේනවා.

02.

මෙම වීඩියෝ පටයට මිලියන ගණනක වීව්ස් ලැබිලා තියනවා. මේ වීඩියෝ එක බරපතල විවාදයක් ඇති කරන්නත් හේතු වුණා. මේක භූමිකම්පාවක්ද? ඇත්තටම මේක එහෙම දෙයක් නෙවෙයි. මේක මැලේසියානු චිත්‍රපටයක් වන බන්ගුනන් සඳහා කරපු වෙළඳ දැන්වීමක්.

03.

මේකත් වඩාත් ප්‍රසිද්ධ හා මතභේදාත්මක අවතාර පින්තූර වලින් එකක්. මේ ඡායාරූපයේ ඉන්නෙ “දුඹුරු කාන්තාව” කියලා හැඳින්වෙන ඩොරති වල්පොල බව විශ්වාස කරනවා. ඇයගේ ස්වාමිපුරුෂයා ඇය ඔහුට බොරු කළා කියලා සැක කරලා ඇයව රේන්හැම් ශාලාවේ ජීවිතාන්තය දක්වාම සිරගත කළා. ඩොරතිගේ මරණයෙන් පසු, ඇගේ අවතාරය දුටු බවට හොඩක් වාර්තා පළ වුණා.

04.

මේ ඡායාරූපය ගොඩක් සංවේදී යව ඇත්තටම බියට පත්කළා. මෙතනදි ඔයාට ඇත්තටම මේ රෝගියාගේ ඇඳ මත නටන යක්ෂයෙක් පේනවා නේද? ඒත් මේ යක්ෂයා මිත්‍යාවක් කියලා පේනවා. යක්ෂයාගේ කකුල විදියට පේන්නෙ රෝගියාගේ කකුල, උකුල විදියට පේන්නෙ ඇඳ ඇතිරිලි හා ශරීරයේ ඉහළ කොටස සහිත හිස වෛද්‍ය අපද්‍රව්‍ය ගොඩක් බවත් පැහැදිලියි.

05.

මේ පින්තූරය 1924 දී එස්එස් වෝටර්ටවුන් කියන තෙල් ටැංකිය මතදි ගත්ත එකක්. වතුරේ හොල්මන් මුහුණු පෙනුණත් ඒ ගැන හරියට සාක්ෂියක් ලබා ගන්න බැරිවුණා. ඒත් මෙතන් පේන්නෙ ඛේදජනක අනතුරකින් මියගිය ජේම්ස් කෝට්නි හා මයිකල් මීහාන්ගේ මුහුණු බව විශ්වාස කෙරෙනවා.

06.

මේ ඡායාරූපය 1962 දී ලබා ගත් එකක්. ඒත් ඒක බොරු එකක් කියලා ඔප්පු කරන්න කාටවත් පුලුවන් වෙලා නෑ. 1978 දී මධ්‍යම බුද්ධි ඒජන්සිය හඳුනා නොගත් පියාසර වස්තු ගැන ලේඛන සිය ගණනක් ප්‍රකාශයට පත් කළා. ඒත් මේ ඡායාරූපය පළ වුණේ වෙනත් ද්‍රව්‍ය කියන කොටස යටතේයි.

07.

මේක 1959 දී මේබල් චින්නරි විසින් ගත් ඡායාරූපයක්. ඇය ඇගේ සැමියා සමග තමන්ගෙ මව බැලීමට සුසාන භූමියය යන අතරේදී තමයි කාර් එකේදි සැමියාගේ පින්තූරයක් ලබා ගත්තේ. ඒත් මේ ඡායාරූපය මුද්‍රණය කිරීමෙන් පසු පිටුපස අසුනේ ඉන්න ඇයගේ මව දකින්න ලැබුණා. මේ ඡායාරූපය ගැන විවිධ මත තිබුණත් ඇත්තටම මොකක්ද මේ කියලා කවුරුත් දන්නෙ නෑ.

08.

මේ ඡායාරූපය 1987 දී එංගලන්තයේ සොමර්සෙට් හි පිහිටි හමුදා කඳවුරකදී ගත් එකක්. මේ කාන්තාව මෙතන තනිවම හිටියත් මේ පින්තූරයේ ඇයගේ ලඟ ත්වත් කෙනෙක් ඉන්නවා පේනවා. මේ ඡායාරූපය ඇත්තද බොරුද කියලා හොයාගන්න තාමත් හරියටම සාක්ෂියක් ලැබිලා නෑ.

09.

පූජකයෙක් එංගලන්තයේ උතුරු යෝක්ෂයර් හි පිහිටා තිබෙන නිව්බි පල්ලියේ පූජාසනයේ පින්තූරයක් ලබා ගත්තා. මේ පින්තූරයේ භයානක අවතාරයක් ඉන්නවා කියලා ඔයාට පැහැදිලිවම දැකගන්න පුලුවන්. මේ ඡායාරූපය ඇත්ත එකක් බවත් ඒක වෙනස් කරලා නැති බවත් පර්යේෂණයෙන් ඔප්පු වෙලා තියනවා.

10.

මේ ඡායාරූපය ජපානයේ පැවති අද්භූත සංදර්ශනයක් අතරතුරදී ගත් එකක් කියලයි ගොඩක් අය කිව්වෙ. කොහොම වුණත් ඒක බොරුවක් බවට පත් වුණා. මේ දැරිය කැමරාවට හිණාවුණු බව පැහැදිලිව පේන තැන ඇත්තම වීඩියෝ එක හම්බුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *