ඔබේ සුරතල් සත්වයා වහාම පශු වෛද්‍යවරයෙක් වෙත රැගෙන යා යුතු ලකුණු 12 ක්

අවාසනාවට, අපේ සුරතල් සතුන්ට එයාලට තියන ප්‍රශ්න අපිට කතා කරලා කියන්න බෑ. ගෙවල්වල හදන සතුන්ගේ රෝග වල ප්‍රධාන රෝග ලක්ෂණ හොඳ ස්වාමියෙකු දැනගත යුත්තේ ඒ නිසයි.

අන්තර්ජාලයෙන් පිළිතුරු සෙවීම වෙනුවට ඔයාගෙ සුරතලා වහාම පශු වෛද්‍යවරයා වෙත ගෙන යා යුතු බව පෙන්වන ලකුණු මොනවද කියලා අපි හොයලා බැලුවා. ලිපිය අවසානයේ, පොදුවේ අපේ ලොම් මිතුරන් වඩාත් හොඳින් තේරුම් ගැනීමට ඔයාට ඉඩ සලසන වැදගත් දෙයකුත් අපි කියනවා.

12. ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම්


ඔයාගෙ සුරතලා දිනකට වඩා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම්, වහාම පශු වෛද්‍යවරයා වෙත ගෙනියන්න. ඊටත් වඩා තෙහෙට්ටුව, වමනය හෝ වතුර පානය කිරීම ප්‍රතික්ෂේප කිරීම වගේ වෙනත් රෝග ලක්ෂණ තියනවා නම් බලාගෙන ඉන්න එපා.

ආහාර රුචිය නොමැතිකමට එක එක හේතු තියනවා. ආසාදනය, ගෙඩියක්, මුඛය හෝ ආමාශයික රෝග හෝ පරපෝෂිතයන් වගේ හේතු නිසා වෙන්න පුලුවන්.

11. අධික පිපාසයක් ඇත්නම්


වියළි සුරතල් සතුන්ගේ ආහාර අනුභව කරන බළලුන් හා බල්ලන්, තෙත් ආහාර වේලක් ආහාරයට ගන්නා බළලුන් හා බල්ලන්ට වඩා වතුර පානය කරනවා.

ඔයාගෙ සුරතලා කොපමණ ප්‍රමාණයක් පානය කරනවාදැයි බලන්න. ජලය නොමැතිකම විජලනය වීමට හේතු වන අතර, එයින් වැඩි ප්‍රමාණයක් දියවැඩියාව හෝ වකුගඩු රෝග පෙන්නුම් කරනවා. සුනඛයින් සඳහා ආහාරයේ තෙතමනයට අමතරව, සාමාන්‍ය පානීය ජල පරිමාව දිනකට කිලෝග්‍රෑමයට මිලිලීටර් 20-70 ක් පමණ වේ. බළලුන් සඳහා එය මිලි ලීටර් 60-120 කි.

10. ඔබේ සුරතලා සැඟවී සිටී නම්


සාමාන්‍යයෙන් මිත්‍රශීලී සුරතල් සතා තනිවම ගොස් වලවල් වල සැඟවීමට පටන් ගන්නවා නම් ඒ ගැන ටිකක් හොයලා බලන්න වෙනවා.

සැඟවීමට ඇති ආශාව අසනීප බවක් දැනීම හා සම්බන්ධ වෙන්න පුලුවන්. විශේෂයෙන් සත්වයා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත්, වැසිකිළි ගැටළු හෝ වෙනත් රෝග ලක්ෂණ හා දැඩි ආතතිය නිසාත් ඔයාගෙ සුරතලා සැඟවී සිටින්න පුලුවන්.

09. හදිසි ආක්‍රමණ සිදු කරනවා නම්


කලින් ඔයාගෙ ආදරණීය කුඩා මිතුරා හදිසියේම ආක්‍රමණශීලී වී තිබෙනවද? එයාට දඬුවම් කරන්න කලින් හේතුව හොයාගන්න.

සමහර විට ඒ වේදනාවක් නිසා වෙන්න පුලුවන්, විශේෂයෙන් ඔයා සුරතලාව ස්පර්ශ කරන විට සුරතලා කෝප වන්නේ නම්. දන්ත ගැටළු, ආතරයිටිස්, තුවාල, ආසාදන වගේ හේතුවක් නිසා වෙන්න පුලුවන්. මේවා සුරතල් සතෙකුගේ මනෝභාවය වෙනස් කරලා වේදනාවක් ඇති කරනවා.

08. නිතර මුත්‍රා කරනවා නම්


ඔයාගෙ බළලා හෝ බල්ලා නිතරම වැසිකිළිය භාවිතා කිරීමට පටන් ගෙන තිබේ නම් හෝ මුත්‍රා වල වර්ණය වෙනස් වී ඇත්නම්, එය නොසලකා හරින්න එපා. විශේෂයෙන් ඔයාගෙ සුරතලා නිතරම මුත්‍රා කිරීමට බොරු උත්සාහ දරන්නේ නම් එයාව පශු වෛද්‍යවරයා වෙත ගෙනියන්න.

බලු පැටවුන් හා මහලු බල්ලන් බොහෝ විට වැසිකිළිය භාවිතා කරන බව මතක තබා ගන්න. කොහොම වුණත්, බරපතල සෞඛ්‍ය ගැටලු නිසා මුත්‍රා පිටවීම, දියවැඩියාව, මුත්‍රා ආසාදන හෝ වකුගඩු රෝග වගේ හේතු නිසාත් සුරතල් සතුන් වැඩිපුර මුත්‍රා පිට කරනවා.

07. ඕනෑවට වඩා ලෙවකනවා නම්


බළලුන් පිරිසිදු වීමට අධික ලෙස ලෙවකෑම නිසා සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුලුවන්. එක් හේතුවක් තමයි, ලෙවකන ප්‍රදේශය ඇතුළත සිට කැසීම, වේදනාකාරී වීම, මැක්කන් හෝ ආසාත්මිකතාවයක් ඇති වීම. සමහර විට, බළලුන් ආතතිය හෝ කාංසාව නිසා දැඩි ලෙස ලෙවකනවා. ඔයාගෙ බල්ලා නියපොතු අතර, වලිගය හෝ උකුල අතර වැඩියෙන් ලෙවකනවා නම් එය ආසාත්මිකතාවයේ සලකුණක්. බල්ලෙක් අසාමාන්‍ය වස්තූන් (බිම හෝ බිත්ති) ලෙවකනවා නම් හෝ නිතරම තොල් තෙත් කරනවා නම් එය ආමාශ ආන්ත්‍රයික ආබාධයක් විය හැකියි.

06. ඇස්වල වෙනසක් පෙනේ නම්


ඇස් රතු වීම, ඇස් වලින් දියර ස්‍රාවය වීම හෝ තුන්වන ඇසිපිය දිගු වීම. වෛරස් හා බැක්ටීරියා ආසාදන වල රෝග ලක්ෂණයි. බළලෙකුගේ ඇස් වලින් පැහැදිලි දියරයක් ස්‍රාවය වෙනවා නම් එය වෛරසයක් වන අතර කහ හෝ කොළ පැහැති දියරයක් ස්‍රාවය වීම ආසාදනයක් නිසා ඇති වෙන්න පුලුවන්. රතු පාට ඇස් කියන්නෙ තුවාල, ආසාත්මිකතා, කෝනීය රෝග හෝ බරපතල පද්ධතිමය රෝගවල රෝග ලක්ෂණයක්.

05. වෙනදාට වඩා වැඩි කාලයක් නිදා ගනී නම්


බළලුන්ට කම්මැලි නම් දිනකට පැය 13-16 ක් හෝ ඊට වැඩි කාලයක් නිදා ගන්න පුලුවන්. දීර්ඝ නින්දට පෙරිටෝනිටිස්, ලියුකෝසිස්, ලයිම් රෝගය හෝ ෆෙලීන් ප්‍රතිශක්ති ඌනතා වෛරසය වගේ තවත් හේතු තියනවා. සුනඛයන් අධිකව නිදාගන්නවා නම් තයිරොයිඩ් ග්‍රන්ථි ගැටළු, දියවැඩියාව, ආසාදන හෝ ආතතිය පෙන්නුම් කරනවා.

04. වැඩිපුර ලොම් හැලෙනවා නම්


රෝගී බළලෙකුට ලෙවකෑමට හා ලොම් පිරිසිදුව තබා ගැනීමට ශක්තියක් නෑ. මේකට එක් හේතුවක් තමයි ආතරයිටිස් රෝගය. ඔයාගෙ සුරතලාගේ ඕනෑවට වඩා ලොම් වැගිරෙන්නේ නම් එය භයානක සලකුණක්. සත්වයා සමේ රෝග, මන්දපෝෂණය, විටමින් නොමැතිකම, අසාත්මිකතා හෝ ගෙඩියක් වැනි රෝගවලින් පෙළෙන්නට පුළුවන්.

03. හුස්ම ගැනීමේ ගැටළු ඇත්නම්


ඔයාගෙ සුරතලාට බරපතල ශාරීරික ව්‍යායාමයකින් තොරව හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම්, වහාම පශු වෛද්‍යවරයා වෙත ගෙන යන්න!

ඒ වගේ තත්වයක් භයානක විය හැකි අතර, පපුවේ දියර ඇතිවීමේ සිට හෘදයාබාධ දක්වා
දරුණු වෙන්නත් ඉඩ තියනවා.

02. විදුරුමස් වල වර්ණය වෙනස් වී තිබේ නම්


බළලුන් හා බල්ලන්ට සාමාන්‍යයෙන් රෝස පැහැ විදුරුමස් තියනවා. ඒවාගේ වර්ණය වෙනස් වී ඇත්නම්, ඔයාගෙ සුරතලා ඉක්මනින් පශු වෛද්‍යවරයා වෙත ගෙන යන්න.

සුදු විදුරුමස් රුධිරය නැතිවීම පෙන්නුම් කරනවා. රතු විදුරුමස් මගිම් අධික උණ, ආසාදන, විෂ ද්‍රව්‍ය හෝ දන්ත ගැටළු ඇති බවත් නිල් හෝ දම් පාට විදුරුමස් මගින් ඔක්සිජන් හිඟයක් ඇති බවත් පෙන්නුම් කරනවා. කහ පැහැති විදුරුමස අක්මාවේ ගැටළු පෙන්නුම් කරනවා.

01. නිරන්තරයෙන් බිත්තියක් දෙස බලා සිටීනම්


ඇත්ත වශයෙන්ම, අපට නොපෙනෙන දෙයක් ඔවුන් දකිනවා වෙන්න පුලුවන්. ඒත් සංජානන දුර්වලතා සින්ඩ්‍රෝමය, කම්පන හෝ කරකැවිල්ල හිස තුවාල, පිළිකා, එන්සෙෆලයිටිස්, විෂ වීම, ආඝාතය හා තවත් බොහෝ හේතු නිසාත් ඔවුන් නිතරම බිත්තියක් දෙස බලාගෙන ඉන්නවා.

බෝනස්: ඔබේ බළලා තරහ වී ඇත්දැයි තේරුම් ගන්නේ කෙසේද?

ඔයාගෙ සුරතලා ආක්‍රමණශීලී ලෙස බැහැර කර ඇති බව වටහා ගැනීම දුෂ්කර වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට ඔයාට එයා දක්වන ප්‍රතිචාරය අනපේක්ෂිතයි. වාසනාවකට වගේ, බළලුන් තුළ කෝපයේ පැහැදිලි සලකුණක් තියනවා. ඒ තමයි එයාලගෙ ඇස්. සාමාන්‍යයෙන්, බළලෙකුගේ දෑස් පුළුල්ව විවෘතව හෝ අඩක් වසා ඇති අතර කාචය පටු හා සිරස් අතට තියනවා. කොහොම වුණත් කාචය පුළුල් හා වටකුරු නම්, ඔයා දැන් ඔයාගෙ පූස් පැටියා ස්පර්ශ නොකළ යුතු බවට සලකුණක් තමයි ඒ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *