ඔබේ ජීවිතය ඉතා පහසු කරවන නව නිෂ්පාදන 21ක්

‌අපි දන්නවා ලෝකයේ මේ අපි කතා කරන මොහොතේ පවා නව නිෂ්පාදන සදහා පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා. ඇත්තටම එම නිර්මාණ ගැන අපිට හිතාගන්නවත් බැහැ. කොහොම වුනත් ඈත අතීතයේ පටන් ලෝකයේ මිනිසා නව නිෂ්පාදන කරමින් දවසින් දවස තම ජීවිත පහසු කරගැනීම සදහා වෙහෙසුනා. එම වෙහෙස වීමේ සාමුහුක ප්‍රථිපලයක් තමයි අද අපි මේ ගත කරන තාක්ෂණික යුගය දක්වා පැමිණිලා තිබෙන්නේ. අද වනවිට අපේ එදිනෙදා ජීවිත යම්කිසි පහසු දායක තලයකට පැමිණ තිබෙනවා. අද ඔයාලට අරගෙන එන්නේ අන්න ඒ වගේ ඔයාලගේ ජීවිත තව තවත් පහසු කරවන නව නිපැයුම් 21ක් පිලිබඳවයි.

01. ඔබේ නින්ද වෙනත් මානයකට රැගෙන යන්න

මෙම නිෂ්පාදනය හඳුන්වන්නේ Polarmond ලෙසටය. මෙය ඉතා සැහැල්ලු වන අතර නින්දේ දී ඔබේ සිරුරේ උෂ්ණත්වය පාලනය කරනවා.

02. ඔබේ මුළුතැන්ගෙයට රොබෝ කෝකියෙක්

Moley ලෙස හඳුන්වන මෙම සම්පූර්ණ මුළුතැන්ගෙයම රොබෝ කෙනෙක් ලෙස ක්‍රියා කරනවා. කෑම පිසීමේ සිට සියළුම කටයුතු මෙහි සිදුවෙනවා.

03. දෘශ්‍යාබාධිත අය සදහාම වූ අත් ඔරලෝසුවක්

මෙම අත් ඔරලෝසුව බ්‍රේල් ක්‍රමය උපයෝගී කරගෙන වෙලාව දක්වනවා.

04. ඔබේ කාර් එකෙන් දැන් හිමකන්දක් වුනත් නගින්න පුළුවන්

මෙම ට්‍රැක්ස් සවිකිරීම සදහා ඔබට ගතවන්නේ විනාඩි 15ක් පමණි. මෙය විනෝදයට හිම මත යාමට වගේම හදිසියක් සදහාද ගොඩක් ප්‍රයෝජනවත්.

05. ඔබේ පාද නිදහසේ තබාගැනීම සදහා හැමොක් එකක්

එක දිගට මේසයක ඉදන් වැඩකරනවා කියන්නේ හරිම අපහසු වැඩක්. මේ ආකාරයේ හැමොක් එකක් ඔබේ මේසයට යටිනුත් හයිකරගත්තම ඔබේ කකුල් ඒ මත තබා ගෙන සිටීමෙන් ඔබේ වෙහෙස ටිකක් අඩු කරගන්න පුළුවන්.

06. දිය යට කිමිදීමේදී ඔබව රැගෙන යන ප්‍රොපෙලර් එකක්

Cudajet ලෙස හඳුන්වන මේ උපකරණය නිෂ්පාදනය කරලා තියෙන්නේ වයස අවුරුදු 21ක තරුණයෙක්. මෙය ඔබව පැයට සැතපුම් 8ක වේගයෙන් දිය යටින් රැගෙන යනවා.

07. ස්වභාවික විපත් වලින් දිවි ගලවා ගැනීම සදහා නිපදවූ කැප්සූලය

මෙය විශේෂයෙන් සුනාමි හා භූමි කම්පා තත්වයන්ගෙන් දිවි ගලවා ගැනීම සදහා නිර්මාණය කොට තිබෙනවා. මෙය දෙදෙනෙකු සදහා නිපදවා තිබුනත් මෙය වැඩිහිටි මිනිසුන් 10 දෙනෙකු සදහා වැඩි දියුණු කළ හැකියි. එසේම මෙහි ඇතුළත එක් පුද්ගලයෙකුට දින 5ක් සදහා ආහාර පාන ගබඩා කර තබාගැනීමේ හැකියාවක් තිබෙනවා. එසේම මෙහි GPS පද්ධතියක්, වායු කුහර,වැසිකිලියක් හා සංගීතයට සවන් දීමේ හැකියාවක් ද තිබෙනවා.

08. මව්වරුන්ගේ පහසුව සදහා බයික් – ස්ට්‍රෝලර් එකක්

මෙම බයිසිකලය මව්වරුන්ට මෙන්ම සුරතල් සතුන්ගේ හිමිකරුවන්ටත් ඉතා ප්‍රයෝජනවත්.

09. ත්‍රිමාණ ලෙස මුද්‍රණය කළ සෙරප්පු

iGUANEYE Jungle ලෙස හඳුන්වන මෙම සෙරප්පුව ඕනෑම තැනක දාගෙන යන්න පුළුවන්. ඒ වගේම එය ඔබගේ පාදයේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාවටත් ගොඩක් උචිතයි.

10. ඔබගේ බාත් ටබ් එකම බබාට ගැලපෙන ආකාරයට පරිවර්තනය කළ හැකියි

මෙය ඔබගේ බබාට අවශ්‍යය පරිදි පහසුවෙන් පරිවර්තනය කළ හැකි පරිදි නිපදවා තිබෙනවා.

11. මේ ඇඳුමේ පුටුවකුත් තිබෙනවා

මේ ඇඳුම තිබෙනවා නම් ඔබට ඕන තැනක ඉඳගන්න පුළුවන්. මෙය ඇඟට ඉතා පහසු රෙද්දක් වන අතර මෙය අවශ්‍යය විටෙක බෑගයක් ලෙසද භාවිත කළ හැකියි.

12. ස්වයංක්‍රීයව සැකැසෙන ස්මාර්ට් ඇඳක්

මෙම ස්මාර්ට් ඇදට තත්පර 15ක් ඇතුළත ස්වයංක්‍රීයව සැකසෙන්න පුළුවන් හැකියාවක් තිබෙනවා.

13. ඔබ කොහේ ගිහින් ආවත් ඔබේ පාපිස්ස අපවිත්‍ර වෙන්නේ නැහැ
© Clean Step / facebook, © Clean Step / facebook

Clean Step XTC මගින් ඔබේ නිවස සනීපාරක්ෂාකාරීව තබනවා. එමගින් ඔබේ සපත්තු හොඳින් පිරිසිඳු කරනවා.

14. පඩි පෙල් වල පවා යන්න පුළුවන් රෝද පුටුව

මෙම ආයතනය මගින් කිසි උපකාරයක් පඩිපෙල් වල යන්න පුලුවන් ආකාරයට මෙම රෝද පුටුව නිර්මාණය කොට තිබෙනවා.

15. ඕනෑම අපවිත්‍ර ස්ථානයක පිරිසිඳු වාතය ආශ්වාස කිරීමට

‌මෙම මාස්ක් එක මගින් ඕනම අපවිත්‍ර වාතයක් ප්‍රේරණය කරනවා. එසේම මෙමගින් ඔබේ ආශ්වාසයද පහසු කරවනවා.

16. වෙනත් මත්ද්‍රව්‍ය හඳුනා ගත හැකි නැප්කින්

මෙම නැප්කින් එක මගින් ඔබේ බීම එකට මත් ද්‍රව්‍ය‍යක් එකතු කොට තිබේද යන්න පහසුවෙන් හඳුනා ගත හැකියි. ඔබේ බීම එකෙන් බිංදුවක් නැප්කින් එකට දමන්න එහි වර්ණය වෙනස් වුවහොත් එහි වෙනත් මත්ද්‍රව්‍යයක් අඩංගු වේ.

17. ලයිෆ් බෝට් එකක් ලෙස පරිවර්තනය කළ හැකි ලයිෆ් ජැකට් එක

මෙම ලයිෆ් ජැකට් එකේ කැනපි එකකුත් තිබෙනවා.එමගින් මෙය ලයිෆ් බෝට් එකක් බවට පත් කරගත හැකිය.

18. එයාර් බෑග් එකක් සහිත හෙල්මට් එකක්

මෙය බයික් පදින අයගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සදහා නිපදවා තිබෙනවා.

19. පුටුවක් නොවන පුටුවක්

Noonee ලෙස හඳුන්වන මෙම රොබෝටික් කකුල් දෙක තමන්ට අවශ්‍යය වෙලාවට පුටුවක් ආකාරයෙන් ඉඳගැනීම සදහා භාවිතා කළ හැකියි.

20. බෝල් ඇහිඳින්න මහන්සි වෙන්නේ නැතුව ටෙනිස් ප්‍රැක්ටිස් කරන්න

මෙම උපකරණය මගින් බිමට නැමෙන්නේ නැතුව ඕනම දෙයක් ඇහිදාගන්න පුළුවන්.

21. වරදින්නේ නැතුව පූල් ගහන්න

මෙම සුවිශේෂ පූල් බෝර්ඩ් එක ඔබේ පහරේ ගමන් මග නිවැරදිව පෙන්වනවා.

බෝනස් : මිනිස් සෝදන යන්ත්‍රය

මෙය ආබාධ සහිත පුද්ගලයන්ට ස්නානය සදහා උපකාරීවන සේදුම් යන්ත්‍රයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *