අමුතු විදියට හිතලා අමුතු වැඩ කරන අයිස්ලන්තයේ අමුතුම වැඩ 10ක්

‌අයිස්ලන්තය කියලා කියන්නේ සීතලම සීතල රටක්. සීතලත් එක්ක ගල්ගැහිලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා ඇති කියලා හිතුනත් ඇත්තටම අයිස්ලන්තයේ මිනිස්සු හරිම නිර්මාණශීලි අය. ලෝකයේ ජීවත් වීමට වඩාත්ම ආරක්ෂිත ස්ථනය කියලා හඳුන්වන්නේත් අයිස්ලන්තයයි.

පොඩි පොඩි දේවල් වුණත් ඇසට ප්‍රිය විදියට අමුතුවට හිතලා කරන මිනිස්සු ලෝකෙ හැමතැනම ඉන්නවා. නමුත් සමහර තැන් වල එහෙම අය වැඩියෙන් ඉන්නවා.ජපානය, ඉන්දියාව, ඇමරිකාව වගේ රටවල මෙහෙම අය වැඩියෙන් ඉන්න බව පේනවා. අයිස්ලන්තයේ අමුතුවට හිතන මිනිස්සුන්ගේ අමුතු වැඩ 10ක් අපි ඔබට අද ඉදිරිපත් කරනවා.

01. වාහන වල වේගය අඩු කිරීමට ඔවුන් දෘෂ්‍ය මායාවන් භාවිතා කරනවා

අයිස්ලන්තයේ ප්‍රශ්න වලට ඉතාම නිර්මාණශීලි, රාමුවෙන් පිටත හිතලා ලබා දෙන විසඳුම් ගොඩක් දකින්න ලැබෙනවා. රියදුරන්ගේ වේගය අඩු කරන ගමන් පදිකයන්ට විනෝදයත් සපයන විසඳුමක් යොදාගෙන ඔවුන් වාහන තදබදය පාලනය කරනවා. මේ ත්‍රිමාණ දෘෂ්ටි මායා පදිකමාරු දකින්න ලැබෙන්නේ අයිස්ලන්තයේ කුඩා ධීවර ගම්මානයකයි. මේ නිර්මාණ නිසා පාර මාරුවෙන පදිකයන්ට තමන් පාරට උඩින් ඇවිදිනවා වගේ හැඟීමක් දැනෙනවා වගේම රියදුරන් පාරේ මොනවා හරි තියෙනවා කියලා හිතලා ගමන් වේගය අඩු කරනවා. කාලයත් එක්ක මේ විසඳුම කොයිතරම් ප්‍රායෝගිකද කියලා දැනගන්න ලැබේවි.

02. ඔවුන් අඟුටුමිටි මිනිසුන් සැබෑවටම ඉන්න බව විශ්වාස කරනවා

ඔව්! අඟුටුමිටිඑල්ව්ස්ලා විතරක් නෙවෙයි වෙනත් අමුතු විදියේ මනඃකල්පිත සතුන් ගොඩක් ඉන්න බව මෙහි වැසියන් විශ්වාස කරනවා. දේදුන්නක් දකින්න ලැබෙන විට අයිස්ලන්තයේ වැසියන් කියන්නේ එල්ව්ස්ලා ඒක පත්තු කරලා කියලා. කලින් අයිස්ලන්තයේ පාර්ලිමේන්තුවේ හිටිය සාමාජිකයෙක් තමන්ව රිය අනතුරකින් බේරාගත්තේ අඟුටුමිටි එල්ව්ස් පවුලක් බව කියා තිබුණා. පාරක් හදනකොට පවා ඒක මේ මනඃකල්පිත සතුන් ඉන්න ප්‍රදේශයක් හරහා වැටෙනවා නම්, ඒක නවත්වන්න ඔවුන් පසුබට වෙන්නේ නැහැ.

03. ඔවුන් සීත කාලයේදීත් එළියේ නානවා

‍අයිස්ලන්ත වැසියන් සීතලෙන් ගල් ගැසෙන්නේ නම් නෑ. මොකද අයිස්ලන්තයේ උණුදිය උල්පත් බහුලව දකින්න ලැබෙනවා. ඉතින් සීතලකාලයේ උණු වතුර එකක බැහැලා ඉන්න එක මොනතරම් සනීපයක් ද? හොඳම කොටස තමයි රෑට සීතල අතරේ උණු වතුරේ බැහැලා අලංකාර අවුරෝරා එළි බලන්නට හැකිවීම.

04. ඔවුන් පිදුරු ගොඩවල් මාෂ්මෙලෝස් වගේ පෙනුමට හදනවා

අයිස්ලන්තයේ ගොවිබිම් වල පිදුරු ගොඩවල් ඈතට පේන්නේ රසවත් මාෂ්මෙලෝස් වගේ. නමුත් ඒවා කන්න නම් බෑ. මේවා සුදු පාටින් විතරක් නෙවෙයි කොළ, රෝස වගේම කළු පාටිනුත් තියෙනවා. මේක වෙන්නේ මේ පිදුරු ගොඩවල් ඔතලා තියෙන්නේ පාට පාට පොලිතින් වලින් නිසයි.ේහෙම පොලිතින් වලින් මේවා ඔතන්නේ වැඩි කාලයක් තියාගන්නයි.

05. ඔවුන් පුංචි දරුවන්ව සීත කාලයේත් එළියේ නිදිකරවනවා

මේක ලෝකෙ වෙන රටවල දෙමව්පියන්ට නම් ඉතාම භයානක දෙයක් වගේ හිතෙන්න පුලුවන්. නමුත් අයිස්ලන්තේ දෙමව්පියන් හිතන්නේ එළියේ පිරිසිදු නැවුම් වාතාශ්‍රය කුඩා දරුවන්ව නීරෝගි කරනවා කියලයි. ඒ නිසයි අයිස්ලන්තයේ ගොඩක් කැෆේ වල එළියේ ළමා කරත්ත දාලා තියෙනවා දැකගන්න පුලුවන්. නමුත් දෙමව්පියන් වීදුරුවට එහා ඉඳන් දරුවන් දිහා ඇහැ ගහගෙනයි ඉන්නේ.

06. අයිස්ලන්තයේ පොලිස් නිළධාරින් සහ නිළධාරිනියන් ඉතාම මිත්‍රශීලියි

අයිස්ලන්තයේ ඉන්න පොලිස් නිළධාරින් ඉතාමත් විනෝදකාමියි. ඔවුන් තමන් කරන හැම දෙයක්ම පාහේ ඉන්ස්ටර්ග්‍රෑම් එකේ සහ වෙනත් සමාජ මාධ්‍යවල පල කරනවා. ඒ ඔවුන් පූස් පැටවන්ව වඩා ගන්නවා හෝ තාරාවන්ට කෑම දානවා වැනි දේවලුත් ඇතුලත්ව. ඒ නිසාම වෙන්න ඇති අයිස්ලන්තය ලෝකයේ වඩාත් ආරක්ෂාකාරිම රට වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම අයිස්ලන්ත පොලීසිය විසින් වෙඩි තබා මරා දැමීමක් කරලා තියෙන්නේ මුළු ඉතිහාසයටම එකම එක වතාවයි.

07. ඔවුන් නමක් හෝ ලිපිනයක් නොමැති ලිපි පවා බාර දෙනවා

ඔබට නම නොදන්න ලිපිනය නොදන්න කෙනෙක්ට ලියුමක් යවන්න හැකියාවක් නැහැනේ සාමාන්‍ය තැපැල් සේවය හරහා. නමුත් අයිස්ලන්තයේ එහෙම පුලුවන්. ඉහත ලිපියත් එහෙම අදාල පුද්ගලයාව සොයාගෙන ආව එකක්. අතින් ඇඳපු සිතියමත්, අදාල පුද්ගලයා ගැන දළ විස්තරයත් ඔස්සේ මේ ලියුම නියම ගමනාන්තයට ආවා.

‌08. ඔවුන් කවුරු හෝ සමඟ ප්‍රේම සම්බන්දයක් පටන් ගන්න කලින් විශේෂ ඇප් එකක් බලනවා

අයිස්ලන්තයේ ජනගහනය 330,000කටත් වඩා අඩුයි. ඒ නිසා මේ කුඩා ජනගහනය කොඉ ආකාරයට හෝ නෑදෑයන් වීමේ සම්භාවිතායක් තියෙනවා. මේ ඇප් එක හදලා තියෙන්නේ ඒ විදියට නෑදෑකම් තියෙන අය අතර ප්‍රේම සම්බන්ධතා ඇතිවීම වළක්වන්න. මෙය අයිස්ලන්තයේ මෘදුකාංග ඉන්ජිනේරුවන් විසින් හඳුන්වා දුන්නේ වසර 1000ක ජාන තොරතුරු ඇතුලත් කරලයි. මෙහි ස්ලෝගන් එක වෙන්නේ ” ඇඳේදි හම්බවෙන්න කලින් ඇප් එකෙන් හම්බවෙන්න” යන්නයි.

09. ඔවුන් නිර්මාණශීලිත්වය හරහා පරිසරය සුරකිනවා

අයිස්ලන්තයේ ශිෂ්‍යයෙක් වන ඇරී ජොන්සන් විසින් හඳුන්වා දී තිබෙන විශේෂ වතුර බෝතලයක් හඳුන්වා දී තිබෙනවා ස්වාභාවිකවම ඛාදනය වෙන. මෙය සාදා තිබෙන්නේ රතු ඇල්ගී පවුඩර් වලින්. එයට වතුර පුරවන තාක් එය සාමාන්‍ය විදියට තියෙනවා. නමුත් වතුර නැතිව හිස්ව තියෙන්න පටන් ගත්තාම ඒක ක්‍රමයෙන් හැකිලෙන්න පටන් ගන්නවා. මෙහි නිර්මාපකයා කියනවා මෙය 100ක් ස්වාභාවික ද්‍රව්‍ය වලින් සාදා තිබෙන නිසා එහි ජලය බීම මුලුමනින්ම ආරක්ෂිතයි කියලා.

10. ඔවුන් සම්පූර්ණයෙන්ම පූසන් ගැන ටෙලි නාට්‍යක් හැදුවා

මේ නාට්‍යයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පූසන් කුඩා බෝනිකි ගෙවල් වල තමන්ට අවශ්‍ය විදියට හැසිරෙනවා. කවුද මේ වගේ එකක් නරබන්නේ? පූසෝ එහේ මෙහේ නිකන් ඇවිදිනවා? නමුත් මේක ඉතාම ජනප්‍රිය නාට්‍යක් වුණා. එහි නිශ්පාදකයන් කීවේ නරක ආරංචිත් හැමදාම බලන විදියේ නාට්‍යත් බලන මිනිස්සු පූසන්ගේ කම්මැලි ජීවිතය දිහා බලල සතුටු වෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *