අපි දිනපතා වැරදියට කරන සරළ දේවල් 18 ක්

ප්‍රායෝගිකව අප දිනපතා කරන සෑම දෙයක්ම පුරුද්දක් ලෙස ස්වයංක්‍රීයව සිදු කරනවා. අප ඒවා කරන ආකාරය වැඩිදියුණු කිරීමට හෝ ඉතා කාර්යක්ෂමව ඉක්මනින් කර ගන්නා ආකාරය ගැන අපි වැඩිය හිතන්නේ නෑ. අපි අද ඔයාලට අරගෙන එන්නේ ඒ වගේ අපි එදිනෙදා සිදුකරන සරල දේවල් ඉතා පහසුවෙන් කරගන්නා ආකාරයයි.

01. ඔබේ ෆෝන් එකේ බැටරිය ඉක්මනින් චාර්ජ් කරගැනීමට
02. නිවැරදිව ෆවුන්ඩේෂන් එකක් තෝරා ගැනීමට

ඔබ ෆවුන්ඩේෂන් එකක් තෝරා ගැනීමේදී එහි වර්ණය ඔබේ මුහුණෙන් හෝ අතෙන් පරීක්ෂා නොකර බෙල්ලෙන් පරීක්ෂා කරන්න.

03. යතුරු පටලවා නොගැනීමට

ඔබේ යතුරු පටලවා නොගෙන හරිම යතුර එකපාරින්ම තෝරාගැනීම සදහා යතුරේ උඩ කොටස නිය ආලේපන වලින් වෙන වෙනම පාට වලින් පාට කරගන්න.

04. බිත්තරයක් පහසුවෙන් සුද්ධ කර ගැනීමට

තම්බා ගත් බිත්තරයක් පහසුවෙන් සුද්ධ කරගැනීම සදහා බිත්තරය තැම්බීමේදී එම වතුර එකට ලුණු හෝ බේකිං සෝඩා ස්වල්පයක් එකතු කරගන්න.

05. අයන් එකක් නොමැතිව ඇඳුම් අයන් කර ගැනීමට

අයන් එකක් නොමැතිව ඇඳුම් අයන් කර ගැනීම සඳහා ඔබේ වොෂින් මැෂින් එකේ ඩ්‍රයර් එකට අයිස් කියුබ් 3ක් සමග ඔබේ ඇඳුම දමන්න. ඉන්පසු එය විනාඩි 15ක් ක්‍රියාත්මක කර තබන්න. නමුත් ඇඳුම් කිහිපයක් එකවර දැමීමෙන් වළකින්න.

06. ස්නානය කිරීමේදී

ඔබ ස්නානය කිරීමේදී වැඩිපුර සබන්, බොඩි වොෂ් හා ෂවර් ජෙල් යෙදීමෙන් වළකින්න. ඒවා මගින් ඔබේ සමට අත්‍යාවශ්‍ය තෙල් ඉවත් කරනවා. එසේ වීමෙන් ඔබේ සමේ කැසීම් ඇතිවිය හැකියි.

07. ඔබේ ෆෝන් එක තෙතමනයෙන් සුරකින්න

ඔබේ ෆෝන් එක ජලයෙන් හා තෙතමනයෙන් ආරක්ෂා කරගැනීම සදහා. නාන්න ගිය විට හෝ මුහුදු වෙරළට ගිය විට ඔබේ ෆෝන් එක සීල් කළ හැකි ප්ලාස්ටික් බෑග් එකකට දමා සීල් කරගන්න.

08. ඔබේ පරිගණකයේ කී බෝර්ඩ් එකේ යට ඇති අඬු වල ප්‍රයෝජනය

ඔබේ පරිගණකයේ කී බෝර්ඩ් එකේ යට ඇති අඬු දෙක දිග හැර තැබීම මගින් ඔබට ඉතා පැහැදිළිව කී දැකිය හැකිය. ඔබට කී බෝර්ඩ් එක දෙස නොබලා ටයිප් කළ හැකිනම් එය භාවිතා කිරීමෙන් වළකින්න. එමගින් ඔබේ අත් වලට වේදනාවක් ගෙන දෙයි.

09. ප්ලාස්ටික් බෝතල් වලින් ගතහැකි තවත් ප්‍රයෝජනයක්

ඔබට ප්ලාස්ටික් බෝතලයක උඩ කොටස කපාගෙන එමගින් ප්ලාස්ටික් බෑග් එකක් ඉතා සරලව සීල් කරගත හැකිය. රූපයේ දැක්වෙන පරිදි බෑගය බෝතලයේ උඩ කොටසට බහා මූඩියෙන් වසා ගන්න.

10. කොණඩ කටු නිවැරදිව පළඳින ආකාරය

ඔබ කොණ්ඩ කටු පැළඳීමේදී කොණ්ඩ කටුවේ රැළි සහිත පැත්ත කොණ්ඩයේ යට අතට ගසන්න. එමගින් පහසුවෙන් කොණ්ඩය රඳවා තබා ගත හැකිය.

11. ලිප්ස්ටික් පැල්ලම් ඉවත් කරගැනීමට

සාමාන්‍ය හෙයාර් ස්ප්‍රේ එකකින් ඇඳුම් වල ඇති ලිප්ස්ටික් පැල්ලම් ඉතා පහසුවෙන් ඉවත් කරගත හැකිය. මේ සදහා පැල්ලම ඇති තැනට ස්ප්‍රේ ස්වල්පයක් ඉස විනාඩි 10ක් පමණ තබා ඉන්පසු සෝදාගන්න.

12. බීම බෝතල් ඉක්මනින් සිසිල් කරගැනීමට

ලොකු බෝව්ල් එකකට 1:1 අනුපාතයට ජලය හා අයිස් එකතු කරගන්න. පසුව ලුණු එකතු කරන්න.( ජලය ලීටර් එකකට ලුණු මේස හැඳි 2ක්) ඔබේ බීම බෝතලය වතුර එකට දමන්න. විනාඩි 2ක් ඇතුලත ඔබේ බෝතලය සිසිල් වෙනවා.

‌13. ආහාර එක සමානව රත් කරගැනීමට

ආහාර අවන් එක තුළ නැවත රත්කරගැනීමේදී ආහාර වළල්ලක් ආකාරයට සකසා ගෙන අවන් එකට දැමීමෙන් ආහාර සියල්ල එක හා සමානව රත් කර ගත හැකිය.

14. රහස් දෙයක් ලියා තැබීමට

ඔබට කාටවත් කියවීමට නොහැකි ආකාරයට යමක් ලියා තැබීමට අවශ්‍ය වූ විට ඔබට අවශ්‍ය දේ ලියා ඊට උඩින් වෙනත් වචනයක් ලියන්න.

15. කෘමීන්ගෙන් ආරක්ෂා වීමට

පේපර් කප් කේක් කේස් එකක් රූපයේ ආකාරයට සිදුරු කරගෙන දමාගැනීමෙන් ඔබේ පානය කෘමීන්ගෙන් ආරක්ෂා කර ගත හැකිය.

‌16. අයිස් ක්‍රීම් එකක් තබා ගැනීම සදහා පහසු ක්‍රමයක්

ඔබට අයිස් ක්‍රීම් එකක් මිදෙන්නෙ නැතුව තබා ගැනීම සදහා ශීතකරණයට දැමීමේදී සීල් කළ හැකි ප්ලාස්ටික් බෑග් එකකට දමන්න.

17. ඔබේ හෙඩ්ෆෝන් එක පැටලෙන්නේ නැතුව තබා ගැනීමට

රූපයේ ආකාරයට සිදුරු කළ ප්ලාස්ටික් කැබැල්ලක් හේඩ් ෆෝන් එක රඳවා තබන්න.

18. ඔබේ සින්ක් එක යට ඉඩ නිසියාකාරව භාවිතයට ගැනීමට

සින්ක් එක යට ටෙන්ෂන් රොඩ් භාවිතයෙන් දේවල් පහසුවෙන් ගබඩා කළ හැකි ආකාරයට සකසා ගන්න.

19. ඔබේ බෑගය ආරක්ෂාකාරී ආකාරයට තබාගැනීමට

ඔබ පොදු ස්ථානයක සිටින විට ඔබේ බෑගය ඉදිරි පසට එල්ලා ගෙන සිටීමෙන් එය සුරක්ෂිතව තබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *