අපි දන්නෙත් නැතුවම අපේ ශරීරයට හානි වෙන අපි කරන දෙවල් 13ක්

‌අපි සාමාන්‍යයෙන් දන්නවා ගොඩාක් ආහාර ගන්න එක, ප්‍රමාද වෙලා නින්දට යන එක වගේ පුරුදු ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකරබව. ඒත් සමහර පුරුදු තියෙනවා අපි හිතන්නේ නෑ ඒවා අපේ ශරීර සෞඛ්‍යයට අහිතකරයි කියලා. මොකද අපි ඒ ගැන දන්නෙත් නැහැ, අහලත් නෑ. අපි අද ඔයාලට අරගෙන එන්නේ අපි නොදැනුවත්ව කරන ශරීර සෞඛ්‍යයට අහිතකර පුරුදු 13ක් පිළිබඳවයි.

01. කිවිසුමක් මැඩපැවැත්වීම

අනතුරට ලක්වන ස්ථාන :

ශ්වසන පද්ධතිය, රුධිර නාලිකා, මොළය, අන්නස්‍රෝතය

කිවිසුම් යාම මගින් සිදුවන්නේ බැක්ටීරීයා, වෛරස් හා දූවිලි අංශු ඔබේ සිරුරෙන් ඉවත් කිරීමයි. ඔබ කිවිසුමක් මැඩගැනීමෙන් මෙම දේවල් ශරීරයෙන් පිටකිරීම වළක්වාලනවා. කිවිසුමක් මැඩපැවැත්වීමෙන් සිදුවන භයානකම හානිය වන්නේ එය නොවෙයි. මොහොතක් සිතන්න ඔබ තුවක්කුවක කට වසා වෙඩි තැබුවහොත් සිදුවන්නේ කුමක්ද කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි කිවිසුමක් මැඩපැවැත්වීම මගින්ද සිදුවන්නේ. කිවිසුමේ ඇති සම්පූර්ණ බලයම ආපස්සට ගමන් කොට එමගින් ඔබේ ශ්‍රවන පදධතියට, රුධිර පීඩනයට හා අන්නස්‍රෝතයට හානි සිදුවිය හැකියි.

02. ටූත් පික් භාවිතය

අනතුරට ලක්වන ස්ථාන :

විදුරුමස

දන්ත වෛද්‍යවරු වහාම ප්‍රතික්ෂේප කරන දෙයක් තමයි ටූත් පික් භාවිතයෙන් දත් හෑරීම කියන්නේ. එමගින් එනමලයට හානි නොවුනත් විදුරුමසට හානි කරනවා. ඇත්ත වශයෙන්ම ටූත් පික් මගින් ඔබේ මුඛය පිරිසිඳු වන්නේ ද නැත. ඔබේ මුඛය පිරිසිදු කර ගැනීම සදහා ඩෙන්ටල් ෆ්ලොස් භාවිතා කරන්න.ඒය සිදු කරන ආකාරය ඔබට අන්තර්ජාලයෙන් සොයා බලා දැනගත හැකිය.

03. මුහුණ යට අතට සිටින සේ නිදාගැනීම

අනතුරට ලක්වන ස්ථාන :

ශ්වසනය, රුධිර සංසරණය, සුෂුම්නාව, මුහුණේ සම

මුහුණ යට අතට සිටින සේ නිදා ගැනීම මගින් සුවපහසුවක් ගෙන ආවත් එය හානිදායක ඉරියව්වක්. මෙම ඉරියව්ව මගින් හුස්ම ගැනීම අපහසු කරනවා, බෙල්ල අස්වාභාවි ඉරියව්වක පවතිනවා, රුධිර සංසරණය නරක අතට හැරෙනවා, බෙල්ලේ කශේරුකාව අනතුරට ලක් කරනවා. එසේම වෛද්‍යවරු පවසන ආකාරයට මෙම ඉරියව්වෙන් නිදා ගැනීම මගින් ඇතිවන මුහුණේ රැළි නැවත යථා තත්වයට පත්නොවෙයි.

04. ඇට වර්ග දත් වලින් පොතුහැරීම

අනතුරට ලක්වන ස්ථාන :

දත්, පිත්තාශය

‌ඇට වර්ගයක් කැමේදී අපි බොහෝ වෙලාවට ඒවා පොතු හැරීම සිදුකරන්නේ දත් වලිනි. මෙය දත් වලට ඉතා අහිත කර දෙයක්. ඔබ කිසි විටක මේ සදහා දත් උපයෝගී කරගන්න එපා. එසේම පිත්තාශය ආශ්‍රිත රෝග තියෙන අයට ඇටවර්ග කෑම කොහොමත් යෝග්‍ය වන්නේ නැත. ඒවායේ ග්‍රෑම් 100ක කැලරි 500ක් අඩංගු වෙනවා.

05. ඝන දේවල් සැපීම

අනතුරට ලක්වන ස්ථාන :

දත්, විදුරුමස, මුඛය

‌අපි සාමාන්‍යයෙන් නොසිතා හෝ කරන දෙයක් තමයි මේ අතේ තියෙන පෑන්, පැන්සල් වගේ ඝන දේවල් හැපීම. මෙමගින් ඔබේ දත් වල එනමලයට විශාල හානියක් සිදුකරනවා. එසේම කටින් බෝතල් ඇරීම, අයිස් කියුබ් සැපීම වැනි දේවල් ද නොකළ යුතුයි. මීට අමතරව මේ දේවල් කටින් සැපීම මගින් විශබීජ ශරීර ගතවීම ද සිදුවිය හැකියි.

06. වැසිකිලි යාම ප්‍රමාද කිරීම

අනතුරට ලක්වන ස්ථාන :

මුත්‍රාශය, වකුගඩු, අන්ත්‍රය

2018 ජුනි මාසයේදී මහා බ්‍රිතාන්‍යයේ තරුණ ක්‍රීඩකයෙකු කිසිදු විරාමයක් නොගෙන පැය 8 ක් ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීමෙන් පසු රෝහල් ගත කරනු ලැබීය. ඔහුගේ බඩවැල් හා මුත්‍රාශය කෙතරම් පිපිරී තිබුනද කියන්නේ ඔහුට පිළිකා ගෙඩියක් ඇතැයි වෛද්‍යවරු සිතුවා. ඔබ වැසිකිලියාම්කල් තැබීම මගින් මුත්‍රා ආසාදන හා මල බද්ධය ඇති විය හැකියි.

07. උණු වතු‍රෙන් කොණ්ඩය සෙදීම

අනතුරට ලක්වන ස්ථාන :

‌මොළයේ නහර, හිස් කබල

ඔබ ඉතා උණු වතුරේ ස්නානය කිරීමට කැමති විය හැකියි. නමුත් ඔබ එසේ කිරීම නතර කළ යුතුයි. පළමුව, එය නරක හිසරදයක් සහ කරකැවිල්ල ඇති කළ හැකියි. දෙවනුව, උණු වතුර හිස්කබලේ ඇති සෙබස් ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය උත්තේජනය කරන අතර එමඟින් හිසකෙස් අපිරිසිදු කරනවා.

08. මුහුණ හා ඇස් නිතර ස්පර්ශ කිරීම

අනතුරට ලක්වන ස්ථාන :

සම, ඇස්

‌ඔබ ඔබේ මුහුන නිතර ඇල්ලීම මගින් කුරුළෑ හා හර්පිස් වැනි තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඔබ ඔබේ ඇස් පොඩිකිරීම වැනි දේවල් සිදු කරන විට ඔබේ ඇස් වලට දැවිල්ල, කැසීම වැනි න්තත්වයන් ඇති කරන කන්ජන්ක්ටිවිටීස් වැනි රෝගී තත්වයන් ඇති විය හැකියි.

09. නිතර චුවින්ගම් සැපීම

අනතුරට ලක්වන ස්ථාන :

උදරය, දත්, කෙටි කාලීන මතකය

චුවින්ගම් නිතර සැපීමේ ප්‍රථිපල පහත දැක්වේ.

  • චුන්ගම් සැපීම මගින් ගෑස්ට්‍රික් අම්ලය උත්තේජනය කරනවා. ආහාර ගැනීමට පෙර චුවින්ගම් සැපීම මගින් බඩවැල් වල තුවාල ඇතිවීම හා ගැස්ට්‍රයිටීස් තත්වය ඇතිවිය හැකියි.
  • චුවින්ගම් සැපීම මගින් දත්වලට හානි කරනවා
  • චුවින්ගම් සැපීමෙන් මතකයට බලපායි. එය කටපාඩම් කිරීම වැඩි දියුණු කරන අතර දිගු නිරීක්ෂණයක් අවශ්‍ය වන කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීමට උපකාරී වේ. නමුත් එය කෙටිකාලීන මතකය අඩපණ කරන අතර එමඟින් ඔබේ අවධානය අඩු කරයි.
10. ඇඳේ වැතිරී පොත් කියවීම

අනතුරට ලක්වෙන ස්ථාන :

ඇස්, කොඳු ඇට පෙළ ,බෙල්ලේ සම.

මෙහිදී ඇතිවන අනතුරු මගහරවා ගැනීමට පහත ක්‍රමවේද අනුගමනය කරන්න.

  • පොත ඔබේ ඇස්වලට සමීපව තබා නොගන්න.
  • පිට කොන්ද නමාගෙන සිටීමෙන් හා බෙල්ල තද වන ලෙස සිටීමෙන් වළකින්න.
  • පොත එක දුරකින් තබාගෙන කියවන්න.
  • මුණින් අතට හැරී කියවීමෙන් වළකින්න.
11. තුවාල වලට පිඹීම

අනතුරට ලක්වන ස්ථාන :

සුවවීමේ ක්‍රියාවලිය

අපි සාමාන්‍යයෙන් දැවිල්ල ගන්නා තුවාලයක් වූ වහාම එයට කටින් පිඹීම සිදු කරනවා. හාර්වඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ගණනය කර ඇති ආකාරයට ක්ෂුද්‍ර ජීවී විශේෂ 600ක් පමණ අපේ මුඛයේ ජීවත් වෙනවා. අපි මේ ආකාරයට තුවාල වලට කටින් පිඹීම මගින් එය සුව වීමේ ක්‍රියාවලිය අඩපණ වෙනවා.

12. රහසින් කෙඳිරීම

අනතුරට ලක්වන ස්ථාන :

වෝකල් කෝර්ඩ්ස්, ස්වාරලය

විද්‍යාඥයෙකු වන්රොබර්ට් සැටලෝෆ් පවසන අන්දමට කෙඳිරීම මගින් වෝකල් කෝර්ඩ්ස් වලට හානි සිදුවෙනවා. එසේම ස්වාරලයටද හානි සිදුවිය හැකියි. මෙහි අනතුර වැඩියෙන් කතා කරන අයට වැඩිවේ.

13. නාන කාමරයේ සිට ජංගම දුරකථනය භාවිතය

අනතුරට ලක්වන ස්ථාන :

ගුද මාර්ගය, සනීපාරක්ෂාව

මෙය පොත් හා පුත්පත් කියවීමටත් අදාල වේ. වැසිකිලියේ විනාඩි 5කට වඩා ඉදගෙන සිටීමෙන් ඔබේ නහර වලට අමතර පීඩනයක් ඇති කරනවා. ජංගම දුරකථනය වැනි දෙයක් අපි නාන කාමරයෙන් එළියට නැවත රැගෙන එන විට ඉන් විශබීජද එලියට පැමිණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *